(නිමන්ති රණසිංහ)
මරණීය දණ්ඩනය නියම වූ සියළුම සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් වශයෙන් ලබා දෙන ලෙසට ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් දස දෙනකු නැවතත් අද උදෑසන සිට වැලිකඩ බන්ධනාගාර වහළය මත නැගී උපවාසයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම අයිතිවාසිකම් ඉල්ලමින් වැලිකඩ, මහර සහ බූස්ස යන බන්ධනාගාරවල සිරකරුවන් 246 දෙනකු පමණ දින තුනක පමණ සිට ආහාර වර්ජනයක නිරත වන බව ද බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ 200 දෙනකු, මහර බන්ධනාගාරයේ 45 දෙනකු සහ බූස්ස බන්ධනාගාරයේ එක් රැඳවියකු මේ ආකාරයෙන් ආහාර වර්ජනයේ යෙදී සිටින බව ද ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක්... එක නීතියක්. හරි නම් මොවුන් සියලුම දෙනා නිදහස් කරන්න ඕනෑ...
මේක දැන් විහිළුවක් කරගෙන
නීතිය කාටත් පොදුයි කියලා නීති පොතේ තිබුනට දේසපාලුවන්ට ඒවා අදාළ නැහැ.
දුමින්දට විතරක් කෙහොමද නිදහස දුන්නේ එතකොට තව නැද්දි සිරකරුවෝ අසාධාරණයට ලක් වුණ
දන්නේ නැති නිසා අහන්නේ මරණ දණ්ඩනය කියන්නේ අන්තිමට කොහොමත් හිරේමනේ