(විනීතා එම් ගමගේ)
චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකර ඇතැයි සැළකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අවසරයක් තොරව බර යන්ත්‍ර යොදාගෙන චීන සමාගමක් වැව හෑරීමේ කටයුතු සිදුකර ගෙන ගොස් ඇති බවත් මනතුංග මහතා කියයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගන්නා තුරු එම ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඉකුත් 25 දා එම කටයුතු නවත්වා ඇතැයි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වනතුරුත් එකී කටයුතු සඳහා අවසර ඉල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලිපියක් එවා නැතැයි ද ඔහු සඳහන් කළේය.
පැරණී මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.
එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නිධානය හාරගෙන ඉවර ඇති.. එම නිසා නාටකයේ අවසන් ජවනිකාවේ වීරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරළියට පැමිණේ... අපි මෝඩයින් නොවේ. රාජපක්ෂලා අතගහපු වැඩක් පුරාවිද්‍යා එක එකපාරටම නතර කරන කොට විශාල සැකයක් ඇතිවෙනවා.
වැව හෑරීම කළ යුතුයි. නමුත් එය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව නිසි ආකාරයට පුරා විද්‍යා නිලධාරින්ගේ අධීක්ෂණයට ද යටත්ව සිදුවීමට ඉඩහැරිය යුතුවේ...
වසන්තා අලහකෝන් මහත්මිය ඇතුළු මේ සත්ක්‍රියාව සඳහා දායක වූ සැමට රට ජාතියේ ප්‍රණාමය...!!! කෝ මේ රට කරවන ඇත්තන් කෑ මොර දෙන තරමට වැඩ කිඩ නැහැනේ... කිසිදු පුරාවිද්‍යා අවසරයක් නොමැතිව මෙරට සිදුවෙන දේ දිහා බලන්න නිසි වගකීමක් දරන්නන් නැති රටක තමයි අප මේ ජීවත් වෙන්නේ. ජනතාව සියලු අන්ධ දේශපාලන ගැතිකම්වලින් මිදී යථාර්තය දැකීමයි රටේ සිදුවිය යුතුව තිබෙන්නේ. අපේ පැරණි මුතුන් මිත්තන් වැව්, දාගැබ් ආදිය ඉදිකිරීමේදී ඒවායේ රන්, රිදී, මුතු, මැණික් අඩංගු මංජුසා ආදිය තැන්පත් කළ බව ජනවහරේ සඳහන් වෙනවා. ඒ නිසා තමයි, මෙවැනි වැඩ සඳහා පුරාවිද්‍යා අවසරයක් ගත යුත්තේ. අවසරයක් නොගෙන මෙසේ මේ දේ කරන්නට ඇත්තේ නිධන් වස්තු තිබුණොත්, ඒවාටත් වැඩේ දෙන්නට හිතන් වෙන්නට ඇති.
නීතිය නොදන්නා, දැන ගැනීමට වුවමනාවක් නැති, දැනගෙනත් ඊට ගරු නොකරන, තමන් නීතියට ඉහළින් සිටී යයි සිතන මැති ඇමැතිවරුන් සිටින රටක් හරියටම කරන්නේ කොහොමද?
හා හා හොරේ දැනුණා... දැනුණා... මඩ අයින් කරේ මොකෝ කියලා...
මෙවැනි දෙයක් කරන්න චීන සමාගමකට දෙන්න ඇත්තේ ඇයි?
ඊගාව සතියේ ඉවත් කිරීමට නියමිත අවංක නිලධාරිතුමෙක්...
දැන් නිධන් ටික ගොඩ දාලා ඉවර ඇති...
හොඳ වැඩක් කරන්න ගියත් මොකක් හරි බාල්දියක් පෙරළෙනවා...