(සුජිත් හේවාජුලිගේ )
උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
උපාධිධාරීන් දැනට කෙලින්ම බඳවා ගැනෙන්නේ සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට පමණි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
උපාධිධාරීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට පැමිණීමේදී ජනතාව සමග කෙරෙන පහළ මට්ටමේ රාජකාරි කටයුතු ගැන කිසියම් සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් ඒ තත්වය සලකා තමා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් අමුණුගම මහතා සඳහන් කළේය.
පොලීසියේ කටයුතු විධිමත් කිරීමට නම් බොහෝ අංශවල වෙනස්කම් සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
හොඳයි..