(අංජුල මහික වීරරත්න)
දුෂ්කර කාලයේ දී ජනතාව නායකත්වය සහ අනාගතය ගැන බලාපොරොත්තුවක් ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන අතර ජනාධිපතිවරයා තම අඩුපාඩුකම් වසා ගැනීමට ජනතාවට දොස් පවරමින් අවාසනාවන්ත ලෙස අසමත් බව ප්‍රදර්ශනය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ දේශනයෙන් කළේ ජනතා ප්‍රශ්න විසඳීම නොව අසමත්කම වසා ගැනීම සඳහා කරුණු ඉදිරිපත් කිරීම වුවත් ඇත්තටම සිදු වුයේ අසමත්කම යළි ප්‍රදර්ශනය වීම යැයි ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි .
කොරෝනා වසංගතය නිසා වර්ධනය වන තර්ජන, කඩා වැටෙන ආර්ථිකය, පොහොර හිඟය, පාසල් අධ්‍යාපනයට ඇති බාධා සහ ජීවන වියදම ඉහළ යාම ඇතුළු රටෙි ගැටලු රාශියක් පැනනැගී තිබුනත් ජනාධිපතිවරයා මේ කිසිදු කරුණක් ගැන කතා කළේ නැති බවද එක්සත් ජාතික පක්ෂය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි කියමනක් තිබෙනවා "අනුන් ගැන හොයනවට වඩා තමන්ගේ මුහුණ පුරා ගෑවිලා තිබෙන අසුචි ගොඩ හොදාගනිව්" යන්න. අප රටේ දේශපාලුවන් සැමටම මෙම අදහස් කියවීමට හැකිවේවා. විශේෂයෙන් දියවන්නාව පට්ටියේ 225ම කිසිඳු වෙනසකින් තොරව මෙම අදහස් කියවීමට හැකිවේවා.. අනුන් පාස්ද? ෆේල්ද බලන්න පෙර නුඹලා පාස්ද බොලව්..? අපට නම් "225 ම" ෆේල්ය..
නන්දෙ ඔබට කළහැකිව තිබූ (නොකළ) කතාව.., රටවැසියනි, මට වැරදුණා ..! මම පවුලේ අයට සලකන්න ගිහින් වැඩේ අල කරගත්තා.. ඔවුන් දැන් මාව අල්ලේ නටවනවා. මම මා සතු අසීමිත රාජ්‍ය බලය රට දියුණු කිරීමට නොව සන්හරේ දියුණුවට යෙදෙව්වා මම නුසුදුස්සන් ඉහළ තණතුරුවලට පත්කළා.. මම කොරෝනා මර්දනය අනාගත්තා.. මම ජනමාධ්‍ය මර්ධනය කිරීමට උත්සාහ කළා මම නීතිය නැව්වා කිහිපවරක්, මිනීමරුවන් නිදහස් කළා මට සමාවෙයල්ලා..! මට හෘද සාක්ෂියක් තිබෙන අතර මම බෞද්ධයෙකු ලෙස කර්මය තවමත් විශ්වාස කරනවා මම අදින් පසු ඉහත කී සියලු වැරදි නිවැරදි කරන්නට දිවුරා පොරොන්දු වෙනවා.. බෝ ගහකට පන්සලකට නොව.. මා වෙත විශ්වාසය තැබූ අතිමහත් බහුතර දුගී දුප්පත් අහිංසක ජනතාවට.. තෙරුවන් සරණයි...!!!
පිනට පාර්ලිමේන්තු ආපු රනිල් අසමත්...
2015- 2020 රටේ ආර්ථිකය -3.5 ගෙනාපු අයද කොරෝනා වසංගතයත් සමග රටේ ජනතාවත් රටේ ආර්ථිකයත් , කලමණාකරණය කරගෙන ඉදිරියට යන්නේ සමත් නිසයි... මේ වසංගත කිසිත් නැතිව රටේ ආර්ථිකය -3.5ට ගෙනාවේ දක්ෂකම නිසාද?
ජනාධිපතිවරයාට කිසිවකු හෝ සකස් කරන ලද ප්‍රකාශයක් කළ බව පෙනෙන්නට තිබේ. එම ප්‍රකාශය ජනතාවට ඉදිරිපත් කිරීමට පෙර ඔහු කිව්වද කියා දන්නේ ඔහුය. රටට කියවීමට පෙර එම ප්‍රකාශය ඔහු විසින් ඔහුටම කියව නිවැරදිව වටහා ගත්තෙද ? ඔහු කියවූ නමුත් එම ප්‍රකාශයේ අන්තර්ගතය ඔහුට නොතේරුණිද? නොඑසේනම් ඔහුගේ අතට පත්කළ කතාව පසුව වෙනස් ප්‍රකාශයක් කළේද කියා දන්නෙත් ඔහුම පමණි...
මෙතෙක් මේ රට පාලනය කළ සෑම පාලකයෙක්ම බලය ලබාගැනීම සඳහා පමණක් රට දියුණුකරන බවට දහසක් පොරොන්දු දෙනවා. නමුත් බලය ලබාගත් පසු ඒ පොරොන්දු අමතක කර දහසක් අපහසුතා පමණක් ජනතාවට කියමින් රට ගොඩනැගීම අමතක කරනවා. වසර 73 ක් තිස්සේ මේ සෙල්ලම ගෙනයමින් තමතමන් ගේ පුද්ගලික අරමුණු ඉටුකරගැනීමට පමණක් බලය යොදාගන්නවා. අප හැමදාම ආපස්සට ගමන්කරන්නේ මේ වැඩ නිසයි.
කැහි ගෑනි එළවලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක් තමයි අපිට වුනේ. නැද්ද කියන්නේ...?
නොගැලපෙන කතාවක්නේ ජනාධිපති කරලා තියෙන්නේ. ඒකනේ ගවපාලනේ අයට මලපැනලා තියෙන්නේ... .
මේ රටට මොනවගේ දෙයක් වෙන්න යනවද මන්දා