IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


හොරෙන් ගවමස් ගෙන ගිය තිදෙනෙක් බදුල්ලේදී මාට්ටු

(සී .ගමගේ)

නීති විරෝධි ලෙස බලපත්‍ර නොමැතිව ගවමස් කිලෝ 700ක්  හොරෙන් ප්‍රවාහනය කරමින් තිබූ  කුඩා ලොරියක් සහ වෑන් රථයක් සමඟ සැකපිට පුද්ගලයන් තිදෙනකු  අද (27) අලුයම බදුල්ල පිටපොල මාර්ගයේ දී අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය   පවසයි .

අත්අඩංගුවට ගත් රථ වාහන දෙක තුළ ඝාතනය කරන ලද ගවයින් හයදෙනෙකුගේ ගවඔලු තිබු බවත් ,ගවයින් හයදෙනෙකු මෙසේ ඝාතනය කර මස් ගෙන යමින් සිටි බවද පොලිසිය කීය .

මෙම ගවයින් අතර මීගවයින්ද ඝාතනය කර ඇති බවට එහි තිබූ ගවකුර වලින් අනාවරණය විනැයි පොලිසිය පැවසීය .

ලැබුණු තොරතුරක් මත අලුයම පිටපොල මාර්ගයේ රැකවලෙහි නිරතව සිටියදී පැමිණි කුඩා ලොරියක් සහ වෑන් රථයක් නැවතීමට සංඥා කිරිමේදී වෑන් රථය නවතා කුඩා ලොරිය නොනවත්වා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි .

ඒ සමගම වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කුඩා ලොරිය පසුපස හඹාගොස් හාලිඇල මධ්‍යම පන්තික නිවාස යෝජනා ක්‍රමය අසල නිවසක නවතා තිබූ ලොරිය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

මහියංගණ පගරගම්මන ප්‍රදේශයේ සිට මෙසේ ගවමස් හොර රහසේ විකිණීම සදහා බදුල්ල ,හාලිඇල නගරවල ගැණුම්කරුවන්ට ගෙන යමින් සිටි බවද පොලිසිය පැවසීය .

 



අදහස් (0)

හොරෙන් ගවමස් ගෙන ගිය තිදෙනෙක් බදුල්ලේදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 420 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site