(සුජිත් හේවාජුලිගේ )
පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියේ වෙනම විමර්ශන ඒකකයක් පිහිටුවීමට තමා බලාපොරොත්තු වන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
යුද හමුදාවේ නිලධාරින්ගේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මිලිටරි පොලිසිය යනුවෙන් හැඳින්වෙන වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවත් පොලීසියේද එවැනිම ඒකකයක් පිහිටුවීම තමාගේ බලාපොරොත්තුව බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද දිලුම් අමුණුගම මහතා කියයි.
පොලිසියේ දූෂණ අක්‍රමිකතා සහ වෙනත් විසමාචාර වැළැක්වීම සඳහා මෙවැනි අංශයක අවශ්‍යතාව තදින්ම දැනී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමා මේදිනවල කරුණු සොයා බැලීමක් කරගෙන යන බවත් ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වෙයිද දන්නේ නැහැ.. ස්තුතියි..!!!
වැරදිලා. හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේද මන්ද
ඇත්තටම හොරාගේ අම්මාගෙන් නෙමෙයි. හොරාගෙන් පේන අහනවා වගේ වැඩක්... මූණ පේන්නැද්ද?