කුඩු සමග ඇල්ලූ සජබ අපෙක්ෂක ඇතුළු පිරිස රිමාන්ඩ්
දකුණු මුහුදේදී නාවික හමුදා භාරයටත් ගත් රුපියල් කෝටි 400කට අධික වටිනාකමෙන් යුත් කිලෝ 300කට අධික මත්ද්‍රව්‍ය තොගය ආනයනය , සන්තකයේ තබා ගැනීම , ජාවාරම් කිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කල සමගි ජන බලවේගය පක්ෂයේ පන්නල සඳලංකා හිටපු පළාත් පාලන අපේක්ෂක ඇතුළු සැකකාර ධීවරයන් හත් දෙනා ලබන 09 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.