උඩරට දුම්රිය මාර්ගයට ගල් පෙරලෙයි
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නානුඔය සහ ග්‍රේඩ් වෙස්ටන් අතර දුම්රිය මාර්ගයට ඉහළ කදු මුදුනේ සිට ගල් කිහිපයක් අද (26) දින පෙරලුණු බවත්, එසේ පෙරලුණු ගල් ඉවත් කිරිමට මේ වන විට දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් යොදා ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පැවසීය.