ඉන්දීය දුම්රිය අනතුරට දුම්රියේ තුනක් සැකපිට 293 දෙනකුට මරු කැඳවමින් ඔඩිෂා ප්රාන්තයේ බලසෝර් හි පසුගිය මාසයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවකයෝ තිදෙනෙක් මධ්යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 08 July 2023
සැප තිබුණත් වැළෙලෙන්න ඉඩක් නැති නගරයක් ලොව මිල අධිකම දේපල වෙළඳපොළ තිබෙන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් මාධ්ය වාර්තා කර ඇත. 08 July 2023
පෙම පැටලී අනාගත මාමණ්ඩිය ඝාතනය කරලා පෙම් පළහිලව්වක් දුරදිග යාම නිසා සිය පෙම්වතියග පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයදු ප්රහාරයක් එල්ල කිරීම නිසා ඇය රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 08 July 2023
ඇබෑර්තු දෙසීයක් පුරවා නෑ: නීතිපති රස පරීක්ෂක අංශ දෙකේ වැඩ අඩාලයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු දෙසීයකට වැඩි සංඛ්යාවක් කලක් තිස්සේ නොපිරවීම හේතුවෙන් ඒවායේ වැඩ කටයුතුවලට විශාල වශයෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ. 08 July 2023
සංචාරක ක්ෂේත්රයෙන් ඩොලර් මිලියන 986 උපයයි මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 45.1 ක වර්ධනයක් බව එම වාර්තාවේ සඳහන් වී ඇත. 08 July 2023
කාන්ති ගුණතුංග දිවි රඟ මඩලින් බැස යයි සිංහල සිනමාවේ ප්රවීණතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්රාප්ත වූවාය. 08 July 2023
අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්රය අක්රීය වී දරුවන් අමාරුවේ මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්රතිකාර කරන ‘ලීනීයර් ඇක්සලරේටර්’ නැමැති විකිරණ ප්රතිකාරක යන්ත්රය සති දෙකක සිට අක්රීය වී තිබීම නිසා දරුවන්ට ප්රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි එම රෝහලේ වෛද්යවරු පවසති. 08 July 2023
තැපැල් ස්ථානාධිපතිනියට මිරිස්කුඩු ප්රහාරයක් කොටවිල මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි නාඳුනන පුද්ගලයකු එහි ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ප්රහාරයක් එල්ල කොට එහි තිබූ මුදල් පැහැර ගැනීමෙි තැත වැරදී සැකකරු පලාගොස් ඇතැයි කොටවිල පොලිසිය කියයි. 08 July 2023
අපොස උසස් පෙළෙට අයදුම්පත් කැඳවයි අපොස උසස් පෙළ විභාගයට (2023) පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඊයේ (7) සිට මේ මස 28 වැනිදා දක්වා මාර්ගගත ක්රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාගය දෙපාර්තමේන්තුව පවසයි. 08 July 2023
අයියා මලෝ කුඩු විකුණලා රුපියල් කෝටියක් පමණ වීථි වටිනා අයිස් මත්ද්රව්ය සමග සහෝදරයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 08 July 2023
කාළගුණයේ අද තත්ත්වය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලටත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 08 July 2023
රෝගීන් ගැන නොසැලකිල්ලට නිදහසට කරුණු එපා සෞඛ්ය අමාත්යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් රෝගියකුට පීඩාවක් වන්නේ නම් ඊට නිදහසට කරුණු ප්රකාශ කරමින් නොසිට රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්ය පියවර ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා සෞඛ්ය බලධාරීන් හමුවේ පැවසීය. 08 July 2023
ජර්මනියෙන් වෘත්තීය පුහුණු පාසලක් ගන්න රුවන් අත ගහයි පුනර්ජනනීය බලශක්තිය ගැන නිසි අධ්යාපනයක් මෙරට දරුවන්ට ලබා දීම සඳහා ශ්රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව තිබේ. 08 July 2023
මෙරට එන සංචාරකයන් හයෙන් එකක් ඉන්දියානුවෙක් ඉන්දියාව පසුගිය වසරේ (2022) සංචාරකයින් ලක්ෂයකට අධික සංඛ්යාවක් සමඟ නැවත වරක් ශ්රී ලංකාවට විශාලතම සංචාරක ප්රභවයක් වූ බවත් ශ්රී ලංකාවේ සිටින සෑම සංචාරකයින් පස් හය දෙනෙකුගෙන් එක් අයෙක් ඉන්දියානුවෙක් බවත් ශ්රී ලංකාවේ ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා අද (7) පැවසීය. 07 July 2023
ත්රිරෝද සංගම් ලේකම් පොලිසියට තගත් දමලා පානදුර ත්රීරෝද රථ සංගමයේ ලේකම්වරයා බව කියන ත්රිරොද රථ රියැදුරකු රථවාහන රාජකාරියේ යෙදි සිටි පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ නිල ඇඳුම ඉරා පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී පළා යාමට උත්සාහ කිරීමේදී දැඩි පරිශ්රමයක් දරා අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි. 07 July 2023
ඉන්දියාව ශ්රී ලංකාවට ලොකු සහනයක් දෙයි ශ්රී ලංකාව ඉන්දියාවට ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක කාලයක් ලබා දෙමින් ශ්රී ලංකාවට ඇති වී තිබෙන මූල්ය පීඩනය අවම කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි ඉන්දියානු අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂක එම්.සෙන්තිල්නාතන් මහතා ප්රකාශ කර ඇතැයි මින්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 07 July 2023
‘සූර්යා සදහම් සැරිසර’ කුරුණෑගලදී සාර්ථකව අවසන් වෙයි ශ්රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ සහ ලංකාදීප ඔන්ලයින් එක්ව දිස්ත්රික් මට්ටමින් ක්රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ තවත් පියවරක් කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී ඇසළ පෝය දිනය පුරා පැවැත්විණි. 07 July 2023
කෝර්ඩීලියා සුඛෝපභෝගී මගී නෞකා 13ක් හම්බන්තොටවරායට හම්බන්තොට ජාත්යන්තර වරාය සහ කොර්ඩීලියා කෲස් ලයින්ස් සමාගමේ මෙරට නියෝජිත හේලීස් සමාගම අතර ඇති සහයෝගයේ ප්රතිඑලයක් ලෙස, මේ වසරේ ජුනි සහ සැප්තැම්බර් දක්වා කාලය තුළ සුඛෝපභෝගී මගී නෞකා 13ක් වරාය වෙත පැමිණීමට නියමිතය. 07 July 2023
ත්රිපෝෂ නිෂ්පාදනය උපරිම ධාරිතාවෙන් ක්රියාත්මකයි ශ්රී ලංකා ත්රිපෝෂ සමාගමේ කර්මාන්තශාලාවේ සේවකයන් මෙන්ම යන්ත්රසූත්ර අද (7) දිනය වන විට උපරිම ධාරිතාවෙන් ක්රියාත්මක වන බවත් ත්රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්ය ප්රධාන අමුද්රව්ය වන බඩඉරිගු නියමිත ප්රමිතියට සපයාගැනීමට නොහැකි වීම සහ සෞඛ්ය අමාත්යංශයෙන් මුල්ය ප්රතිපාදන නොලැබීම නිසා පසුගිය කාලයේ බාධක මධ්යයේ ත්රිපෝෂ නිෂ්පාදනය ක්රියාත්මක කළ බවත් ශ්රී ලංකා ත්රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 July 2023
හිටපු පොලිස්පති යළි පුටුවට පොලිස්පති සී.ඩී වික්රමරත්න මහතාට මාස 3 ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි 07 July 2023
කුරුල්ලන් මිලදී ගැනීමේදී සතුන් වත්තට කෝටි 2ක පාඩුවක් දෙහිවල සත්වෝද්යානයට පක්ෂීන් වැඩි මිල ගණන් යටතේ මිලදී ගැනීමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න අලාභයක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) විශේෂ අවධානය යොමුවිය. 07 July 2023
‘‘මිල වැඩි කිරීම ලොතරැයි අලෙවියට බාධාවක් නෑ‘‘ ලොතරැයි පතක මිල රුපියල් හතලිය දක්වා වැඩි කළ ඊයේ (6) දින ලොතරැයි අලෙවිය ඉතා සාර්ථක බව ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි. 07 July 2023
අමරකීර්ති නඩුවේ විත්තිකරුවන් 30 ගැන තීරණය 28වැනිදා පොලොන්නරුව හිටපු දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතානරලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකරුවන් තිස් දෙදෙනෙකු ඇප මත මුදා හරිනවාද නැද්ද යන්න නියෝගය ලබා දීම අද (7) පස්වරුවේ ගම්පහ විශේෂ ත්රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ මස 28 වනදාට කල් තැබීය. 07 July 2023
ශ්රී ලංකාව පිට පිටම 7 වැනි ජය ලබයි සිම්බාබ්වේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා පිල සහභාගි වූ තරග හතම ජය ලබා අපරාජිතව අවසන් මහ තරගයට පිවිසීමට අද (7) සමත් විය. 07 July 2023
රේගු බහලුම් පරීක්ෂණ අංගනවල තදබදයක් ශ්රී ලංකා රේගු බහලුම් පරීක්ක්ෂණ අංගන තුළ තදබදයක් නිර්මාණය වී ඇති බවත් පසුගිය සතියේ පැවැති දින පහක දීර්ඝ නිවාඩුව එයට හේතු වී ඇති බවත් රේගු මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සුදත් සිල්වා මහතා අද (7) පැවසීය. 07 July 2023
දශකයක් ඇතුලත සංචාරක කර්මාන්තයෙන් ඩොලර් වැස්සක් ඉදිරි දශකය ඇතුලත රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 07 July 2023
විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි රාජ්ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබේ. 07 July 2023
ශෂී වීරවංශ නඩුවකින් විත්තියේ නිතීඥයා ඉවත් වෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්ය තාන්ත්රික ගුවන් ගමන් බලපත්රයක් සකස්කළ බවට චෝදනා ලැබූ ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවකින් විත්තියේ නිතීඥවරයා ඉවත්වීම හේතුවෙන් නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 12 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (07) නියෝග කළේය. 07 July 2023
’’මැණිකේ’’ ලියූ දුලාන්ගෙන් ’’ඩ්රාමා ක්වීන්’’ ඩ්රාමා ක්වීන් කාලයෙන් කාලයට අලූත් ගීත සංගීත කරළියේ රැව් දෙයි. බැස යයි. පසුගිය කාලයේ ලංකාවේ සේම විදෙස් රටවලද පිළිරැව් දුන් මැණිකේ මගේ හිතේ ගීතය රචනා කළ දුලාන් ඒ.ආර්.එෆ් ගේ නවතම ගීතය ඩ්රාමා ක්වීන් මේ දිනවල යූ ටියුබ් අවකාශයේ ඉමහත් ජනප්රියත්වයට පත් ගීතයක් බවට පත්ව තිබේ. 07 July 2023
ලංකා සභා කණිෂ්ඨයට පරිගණක විද්යාගාරයක් තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්යාලයේ පරිඝනක විද්යාගාරය විවෘත කිරීම විදුහල්පති ඊ.එම්.ඒ.එන් . බෙත්මගේ මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි. 07 July 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026