කුඩ්ඩෝ ‘කල්යාණි රන් පිවිසුම’ වනසති නව කැලණි පාලමේ උපාංග ඇතැම් පුද්ගලයන් ගලවාගෙන යෑම නිසා එහි සුවිශේෂී ආලෝක පද්ධතිය ක්රියාත්මක කළ නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් රුපියල් කෝටි දෙකහමාරක අලාභයක් වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා පැවසීය. 14 July 2023
ඉන්දියාවටත් උගන්වන්න අලුත් වැඩසටහනක් හදයි අනාගත අභියෝගවලට ගැලපෙන ලෙස උසස් අධ්යාපන විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දෙන බව උසස් අධ්යාපන රාජ්ය අමාත්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 14 July 2023
මන්ත්රී සෙල්වරාසා ඇතුළු පිරිසක් කුරුන්දි විහාරයට කඩා පනිති දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වරාසා ගජේන්ද්රන් මන්ත්රීවරයා ඇතුළු පිරිසක් සහ හිංදු ආගමික නායකයන් ඇතුළු පිරිසක් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ පොංගල් උත්සවයක් පැවැත්වීමට ගත් උත්සහයක් මුලතිව් පොලිස් නිලධාරීන් වැළැක්වීමත් සමඟ දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 14 July 2023
ජෙරම්ගේ ‘මිරකල් ඩෝම්’ ගැන විමර්ශනයක් ආගම් අතර සංහිඳියාව බිඳ දැමීම සඳහා ක්රියා කළැයි කියන දේවගැති ජෙරම් ප්රනාන්දු යන අයට අයත් කටුනායක පිහිටි ‘මිරකල් ඩෝම්’ නමැති දේශන ශාලාව ඉදිකිරීම සදහා රුපියල් කෝටි 250කට අධික මුදලක් වැය කර ඇති බවත්, එය ඉදිකිරීම සඳහා වැයවූ මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (14) කරුණු වාර්තා කර ඇත. 14 July 2023
අනුරාධපුර-කිලිනොච්චි-යාපනයේ ‘පඬු කරඳ’ ශාක රෝපණය කරයි නවීකරණය කළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන නැවත ආරම්භ කිරීමට සමගාමීව අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්රයේ පැවැති සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්රයේ ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ‘පඬු කරඳ’ ශාකයක් රෝපණය කළේය. 14 July 2023
කොටස් වෙළෙඳපොළේ සැබෑ වෙනසක් කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (14) වාර්තාගත ලෙස ඉහළ ගිය අතර ඒ අනුව වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,595.02 ක් ලෙස සටහන් විය. 14 July 2023
රජිනි කාන්ත් මෙරටට දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (14) දින දහවල් 11.30ට පැමිණ තිබුණි. 14 July 2023
පාකිස්තාන් ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර අනිද්දා (16) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. 14 July 2023
මැතිසබේ කට්ටියක් ආදායම් කන්තෝරුවේ විපරමක බදු එකතු කිරීමේ ක්රියාවලියේ ගැටලු සොයා බැලීමට පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (13) නිරත වූහ. 14 July 2023
ජපානයෙන් අලුත් පළතුරක් ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි කොමඩු ලෙස හඳුන්වනු ලබයි. 14 July 2023
වෛද්ය විශ්රාම වයස 63 කරයි වෛද්යවරුන්ගේ විශ්රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්නැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සෞඛ්ය අමාත්යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 14 July 2023
කේරළ ගංජා කිලෝ 10ක් සමග නාවික භටයකු අත්අඩංගුවට කෙරළ ගංජා කිලෝ 10 ක් ගමන් බෑගයේ අසුරා බස් රථයකින් යාපනයේ සිට කොළඹ බලා රැගෙන එමින් සිටි නාවික හමුදා සමාජිකයකු වව්නියාව නගරයේ දී අද (14) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 July 2023
හෙද වරම් තවත් පැත්තකට දිවයිනේ සෑම රෝහලක්ම සතු ඖෂධ ප්රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්රමාණය පිළිබඳ දත්ත දිනපතාම සෞඛ්ය අමාත්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් ප්රදර්ශනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 14 July 2023
නිල සංචිතවල සුළු පහත වැටීමක් ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජූනි මස ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් ඇති බවත් එය සියයට 0.7 ක සුළු පහත වැටීමක් බවත් මහ බැකුව පවසයි. 14 July 2023
වාහනවලට හොර ලේඛන හැදූ මහමොළකරු අල්ලයි කොටස් එකලස් කරනලද කරන ලද වාහන වලට කාලයක් තිස්සේ ව්යාජ ලිපි ලේඛන සකසා විකිණීමේ මහ පරිමාණ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක කල්ලියක මහ මොළකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්යම දුෂණ මර්දන ප්රහාරක බලකාය කියයි. 14 July 2023
ගලපිටමඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට ගලපිට මඩ දුනුමාලේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් කැබ්රථයකින් ගමන් ගත් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 14 July 2023
ඩ්රෝන යානා 15ක් සොරාගත් 3ක් දැලේ නුගේගොඩ මිරිහාන පාර අලෙවි සැලක තිබු සැහැල්ලු ඩ්රෝන යානා 15 ක් සොරාගත් සැකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි. 14 July 2023
ඉන්දීය රොකට්ටුව සඳට යයි ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ ආයතනයේ, ’චන්ද්රයාන් 3’ මෙහෙයුම අද (14) සවස 2.35 ට ආරම්භ විය. 14 July 2023
පංච පුද්ගල කමිටුව හෙට පේරාදෙණිය රෝහලට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි චාමෝදි සංදීපනී තරුණිය හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පංච පුද්ගල විමර්ශන කමිටුව හෙට(15) එම රෝහලට යෑමට නියමිතය. 14 July 2023
ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න හැටි හොයයි ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 14 July 2023
රැඳවියෙක් පල්ලෙකැලෙන් පනියි මනුෂ්ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 5 ක සිර දඬුවමක් නියම සිටි සිරකරුවකු බෝගම්බර පල්ලේකැලේ එලිමහන් සිර කදවුර පලා ගොස් ඇති බව පල්ලේකැලේ පොලිසිය පවසයි . 14 July 2023
රුපියල ටික ටික බාල්දු වෙයි ශ්රී ලංකා මහ බැංකුව අද(14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්රී ලංකා රුපියල අද දිනයේද තවත් දුර්වල වී ඇත. 14 July 2023
කෝවිල කඩා කාලි පිළිමයේ ඇස් දෙකත් ගලවන් යයි උඩප්පුව ශ්රී විරපද්ර කාලි අම්මාන් කෝවිලට (14) අලුයම ඇතුළු වී ඇති සොරෙකු කෝවිලේ අමතර දොරක ඉබි යතුරු කඩා ඇතුළු වි රුපියල් ලක්ෂ 25කට අධික රන් මාල හා පඩුරු පෙට්ටිය තුළ වු විශාල මුදලක් රැගෙන පලා ගොස් ඇති බව උඩප්පුව පොලිසිය කියයි. 14 July 2023
පොත්තපිටිය කන්දේ අතුරුදන් වූ ඩෙන්මාර්ක් තරුණියගේ සිරුර හමුවේ කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගිය ඩෙන්මාක් තරුණියගේ සිරුර දින හතරකට පසු රඹුක්කන අලගල්ල ප්රදේශයේදී හමු වූ බව රඹුක්කන පොලිසිය කියයි. 14 July 2023
ආර්ථිකය හදන්න නම් ලංකාව ලෝකයට විවෘත විය යුතුයි ආර්ථික ලබා ගැනීම සඳහා ශ්රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 14 July 2023
බොරු කී ගානියාට අත්හිටුවූ සිර දඬුවම් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බවට අසත්ය ප්රකාශයක් සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්රැන්සිස්ට වසර දෙකක සිරදඬුවමක් වසර 5කට අත්හිටු වන්නැයි කොළඹ මහාධිකරණය අද නියම කළේය. 14 July 2023
බණ්ඩි පොහොර මිල පහළට බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් හෙට (15) සිට අඩු කරන බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 14 July 2023
රාජ්ය සේවකයන්ට අලුත් චක්රලේඛයක් රාජ්ය සේවකයන් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ නව ක්රමවේදයක් සකසමින් නව චක්රලේඛයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 14 July 2023
පිරමිඩ අවුලෙන් පොලු පහර කා අයෙක් මරුට පිරමිඩ ජාවාරමකට අසුව දෙමස්සිලානා අතර ඇති වූ වචන හුවමාරුවක් දුර දිග යාමෙන් පොලු පහර කෑ අයකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 14 July 2023
පුහුණු චාරිකාවට ගිය නිලධාරිනියට ඇසිඩ් ප්රහාරයක් විදේශ රැකියා සම්බන්ධයෙන් ක්රියාකාරී රාජ්ය ආයතනයක පුහුණු අභ්යාලාභීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක යෙදුණ බස්රථයක් තුළට ඇතුල්වූ පුද්ගලයෙකු එම චාරිකාවේ නිරතවූ පිරිස භාරව කටයුතු කළ නිලධාරිනියට ඇසිඩ් ප්රහාරයක් එල්ලකිරීමෙන් ඇය ඇතුළු කාන්තාවන් හයක් රෝහල්ගත කර ඇතැයි රත්නපුර පොලිසිය පවසයි. 14 July 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026