IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැතිසබේ කට්ටියක් ආදායම් කන්තෝරුවේ විපරමක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ ගැටලු සොයා බැලීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ  සාමාජිකයෝ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (13)  නිරත වූහ.

බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය දීමට සූදානම්  බව  එම කාරක සභාවේ  සභාපති පාඨලී චම්පික රණවක මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස් හපුආරච්චි මහතාට  එහිදී  දැනුම් දුන්නේය.

ඒ සදහා අවශ්‍ය  කටයුතු සම්පාදනය කරන ලෙසටද  කාරක සභා සභාපතිවරයා  ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද  මෙම සංචාරයට එක් විය.

‍රජයට ආදායම්  දෙන ප්‍රධානතම ආයතනය  ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතා හදුනාගනිමින් රාජ්‍ය බදු ආදායම ඉහළ නැංවීමට සහ බදු ගෙවන්නන්ට කාර්යක්ෂම සේවාවක් දීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් මෙම සංචාරය සංවිධානය කර තිබිණ.

ආදායම් බදු එකතු කිරීම සදහා දැනට භාවිතා කරන රමිස් ( RAMIS) පද්ධතිය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එහිදී  විමසීමක් කළ කාරක සභා සභාපතිවරයා පැවසූවේ මෙම පද්ධතිය යාවත්කාලීන කිරීම සමග කාර්ය මණ්ඩලයටද නිසි පහුණුවක් දීම අත්‍යවශ්‍ය බවයි. එසේම බැංකු පද්ධතිය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය යන ආයතන සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කඩිනමින් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සදහා බදු ලිපිගොනු විවෘත කිරීමට අදාළ දත්ත පද්ධතියක් නිසි පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡාවිය.  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරියේදී කිරීමට නියමිත සංගණනයයේ  තොරතුරු රැස් කිරීම සඳහා නිසි දත්ත පද්ධතියක් සකස් කරන ලෙස  කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ ලේකම් බුද්ධිකා අබේසිංහ මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක්ද  මෙම සංචාරයට සහභාගී වූහ.



අදහස් (0)

මැතිසබේ කට්ටියක් ආදායම් කන්තෝරුවේ විපරමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site