
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව ශ්‍රී විරපද්‍ර කාලි අම්මාන් කෝවිලට (14) අලුයම ඇතුළු වී ඇති සොරෙකු කෝවිලේ අමතර දොරක ඉබි යතුරු කඩා ඇතුළු වි රුපියල් ලක්ෂ 25කට අධික රන් මාල හා පඩුරු පෙට්ටිය තුළ වු විශාල මුදලක් රැගෙන පලා ගොස් ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
මෙසේ සොරා ගෙන ඇත්තේ කාලි දෙවියන්ට බැතිමතුන් පුජා කර ගෙලට දමා තිබු රන් පවුම් 12 කට අධික රන් මාල තොගයක් හා රනින් සකසා තිබු කාලි දෙවියන්ගේ නේත්‍රා දෙක බව කියයි.
එයට අමතරව බැතිමන් විසින් පඩුරු දැමු පඩුරු පෙට්ටිය ද කඩා එහි තිබු විශාල මුදලක් මෙසේ සොරා ගෙන ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි හෙළිව තිබේ.
පොලිසිය පවසන්නේ මුහුණ ආවරණය කරමින් පැමිනි සොරෙකු කාලි කෝවිලේ එක් පසක තිබු කුඩා දොරටුවේ ඉබි යතුරු කඩා කෝවිලට ඇතුළු වන දර්ශණ සි.සි.ටි.වී කැමරාවල සටහන් ව ඇති බවයි.
මෙම සොරකමත් සමග කාලි කෝවිලට ලැදි බැතිමතුන් බරපතල තැති ගැනිමකට ලක්වි ඇති බවද පැවසෙයි.
මෙම සොරකම පිළිබදව උඩප්පුව පොලිසියට අමතරව පොලිස් ඇගිලි සලකුණු නිළධාරින් හා පොලිස් ස්ථානිය අපරාධ පරික්ෂණ නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔබට හොරාට නමස්කාර කිරීම ආරම්භ කළ හැකිය. ඔහු කාලි අම්මාන්ට වඩා බලවත් ය
කාලිමෑණියන්ගේ සාපය වැඩිකල් යන්ඩ ඉස්සර වෙලා ලැබෙයි .
ඔන්න ඔිකයි තත්වෙ දෙවියන්ට මිනිස්සු වටිනා දේවල් පුජා කරනව නමුත් කිසිම වටිනාකමක් නැහැ මොකද දෙවියන්ට මොකටද ඔවිව දෙවියන්ට හැම දෙයක්ම තියනව අපට වඩා අපේ මෝඩ හරක්ට එවිව තේරෙන්නෙ නැහැ ඔවිව ඇත්ත නමි ඒ වෙලාවෙම හොරාට දඩුවමි කරන්න තිබුනනෙ ගිනි පාගනව නැති බොරැ දේවල් කරනව දෙවියන් අදහන එක වෙනම දෙයක් නමුත් ඔය වටිනා කියන දේවල් පුජා කරන එක බොරැ වැඩක්