(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියාවේ රුපියල පමණක් නොව ඩොලර් පවා  සංසරණය වෙනවා නම් එය මෙරට ආර්ථිකයට ඉතාම වැදගත් වෙන බව ජනාධිපතිවරයා කීය.

රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතු බව කී ජනාධිපතිවරයා ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිතයා  ලෙස එක්වෙමිනි.