(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල අද දිනයේද තවත් දුර්වල වී ඇත.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 310.49 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 324.67 ක් ලෙස සටහන් විය.