ටිපර් - ජීප් රථ අනතුරින් 6ක් රෝහලට කොළඹ බදුල්ල ප්රධාන මාර්ගයේ බලන්ගොඩ ඔිිපනායක උඩවෙළ ප්රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් සහ වැලි ප්රවාහනය කරමින් තිබු ටිපර් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (19) සිදු වු අනතුරකින් තරැණියක ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි ඔිපනායක පොලිසිය පවසයි. 19 August 2023
දියණියන් දූෂණය කළාට වසර 700ක සිරදඬුවමක් තම දියණියන් දෙදෙනා දුෂණය කළ මැලේසියානු ජාතිකයකුට එරට අධිකරණය වසර 702 ක සිර දඬුවමක් සහ කස පහරවල් 234 ක් ලබා දීමට නියම කළේය. 19 August 2023
මුදල් නාස්තිය වැළැක්වීමට අලුත් යාන්ත්රණයක් මධ්යම රජය,පළාත් සභාව සහ පළාත් පාලන ආයතනවල සේවාවන් සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වැළැක්වීමට නව යාන්ත්රණයක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 19 August 2023
උපන් හැටියේ දරුවන් මැරූ එංගලන්ත හෙදියට දඬුවම් බ්රිතාන්ය හෙදියක් ඇය සේවය කළ රෝහලේ උපත ලද ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී ඇය වරදකාරිය බව මැන්චෙස්ටර් ක්රවුන් අධිකරණය ඇය වැරැදි කු බවට තීරණය කළේය. 19 August 2023
අතේ මහ සමුළුව හෙට්ටිපොළින් කොළඹට හෙට්ටිපොළ ප්රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළඹ දී පවත්වන්නට තීරණය කිරීම සම්බන්ධයෙන් පක්ෂ තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇත. 19 August 2023
ජාතික ආරක්ෂාව ගැන සමාලෝචනයක් මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 19 August 2023
වික්රම් හඳේ ඡායා එවයි චන්ද්රයාන්-3 මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වීමත් සමඟ ඉන්දියානු අභ්යවකාශ ඒජන්සිය සඳෙහි නවතම ඡායාරූප පෙළක් නිකුත් කළේය. 19 August 2023
ජෙරම්ගේ මව්පියෝ සමාව අයදිති බුදුරජාණන් වහන්සේට සහ දේශනාවට අපහාසයක් වන ලෙස ප්රකාශයක් කළ බව කියන ජෙරම් ප්රනාන්දු මහතාගේ මව සහ පියා මහා සංඝරත්නය හමුවේ අද සමාව ඉල්ලා සිටිය. 19 August 2023
කෝටි 4 ක කේරල ගංජා යාපනෙන් අල්ලයි රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්රෑම් 130 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 19 August 2023
නිවාස හැදීමත් කොට උඩ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්යාපෘතිවලින් අඩුආදායම්ලාභී සහ මධ්යම පාන්තික නිවාස ඇතුළු නිවාස රැසක වැඩ නැවතී ඇති බව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 19 August 2023
පොල්පිටියේ සරුංගල් යවන්න එපා හම්බන්තොට සහ නව පොල්පිටිය අතර අධිවෝල්ටීය විදුලි සම්ප්රේෂණ මාර්ගයේ සහ ඒ අවට ප්රදේශයේ සරුංගල් යැවීමෙන් වළකකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 19 August 2023
විශ්රාම ගිය විශේෂඥ වෛද්යවරුන්ටත් වැටිනාකමක් විශ්රාම ගිය විශේෂඥ වෛද්යවරුන් සෞඛ්ය ක්ෂේත්රයේ අවශ්යතාව සැලකිල්ලට ගෙන යළි සේවයට බදවා ගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇත. 19 August 2023
ණය වී සැඟව සිටි තේ ව්යාපාරිකයා මාට්ටු දෙනියායෙ බැංකුවකින් මුදල් රැගෙන නිවසට පැමිණෙන බව කියා අතුරුදන්ව සිටී සිටි තේ දළු ව්යාපාරිකයා නුගේගොඩ දෙල්කඳ ව්යාපාරික මිතුරකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 19 August 2023
රන් ජෙල් පස්ස පැත්තේ ගසා ආ රෝද තුනේ රියැදුරා මාට්ටු රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් ජෙල් ද්රාවණයක් අඩංගු කරල් 03 ක් ගුද මාර්ගයේ සගවා ගෙන ඉන්දියාවට යාමට පැමිණි ත්රීරෝද රථ රියැදුරකු අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්ය ප්රකාශක , නියෝජ්ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය . 19 August 2023
එජාපයේ තනතුරු රොත්තක් අහෝසියි එක්සත් ජාතික පක්ෂයේ නව ව්යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කෙරෙයි. 19 August 2023
ජල විදුලි ජනනය සියයට 15 ට බසී වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 August 2023
තෙල් සංස්ථාව පොලු තියලා:ඉරාන තෙල් ගිවිසුම කඩලා ආර්ථික අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාවය මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද එරටට මෙතෙක් තේ ලබාදී නැති බව හෙළිදරව් වී තිබේ. 19 August 2023
තවත් දිසා දෙකකට පානීය ජලය සීමාවෙයි වියළි කාලගුණය අඛණ්ඩව පැවතීම නිසා මහනුවර සහ මොණරාගල දිස්ත්රික්කවලට පානීය ජල සැපයුම සීමා කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය. 19 August 2023
අද බොහෝ ප්රදේශවලට වැස්ස නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පය හැර සෙසු ප්රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි. 19 August 2023
ඡන්ද ලේඛනයේ නම තිබේදැයි විමසන්න අවස්ථාවක් මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි සියලු පුරවැසියන්ට අවස්ථාව ඇති බවත් ඒ අනුව අදාල ප්රදේශයේ ග්රාම නිලධාරීගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්ෂා කළ හැකි බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. 18 August 2023
පෙතියාගොඩ රසායන ද්රව්ය ඇසුරුම් ගබඩාවක ගින්නක් පෑලියගොඩ පොලිස් වසමට අයත් පෙතියාගොඩ ප්රදේශයේ තෙමහල් නිවසක පළමු මහලේ කාමරයක් තුළ පවත්වාගෙන ගිය රසායන ද්රව්ය ඇසුරුම් කිරීමේ ගබඩාවක් අද (18) සවස් කාලයේ දී ගිනිගෙන ඇතැයි පෑලියගොඩ පොලිසිය පවසයි. 18 August 2023
මහනුවර ඇසළ උත්සවයට 25දා සිට විශේෂ දුම්රිය මහනුවර දළදා මාලිගාවේ ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර රැසක් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 18 August 2023
පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය. 18 August 2023
තරුණයන්ට 25% දෙන පනත පාර්ලිමේන්තුවට තරුණ ප්රජාවට පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය තහවුරු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමනාත් සී. දොලවත්ත මහතා පැවසීය. 18 August 2023
දඩයක්කාරයන් ගැන කියන්න අංකයක් රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජල සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංශය වන 1992 ට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 18 August 2023
ශ්රී ලංකා ක්රිකට් විවාදය 24 ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ලබන 24 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 18 August 2023
ගිනිගත් කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් අවදානමක හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් රසායනික ද්රව්ය කර්මාන්ත ශාලාවේ ගිනිගත් එක් ගබඩාවක් සදහා අවශ්ය පාරිසරික බලපත්රය ලබා ගෙන නොමැති බව මධ්යම පරිසර අධිකාරියේ මාධ්ය ප්රකාශක අජිත් වීරසුන්දර මහතා පවසයි. 18 August 2023
කුඹුරු හානි පරීක්ෂාවට ඩ්රෝනා නියඟයෙන් සිදු වූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවේ ඩ්රෝනා යානා යොදා ගන්නා බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි 18 August 2023
පළාත් සභා ගැන සාකච්ඡාවකට ආණ්ඩුකාරවරුන් කැඳවයි ලබන වසර අවසාන වනතුරු වත්මන් පාර්ලිමේන්තුව ක්රියාත්මක වන හෙයින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකි ක්රමවෙිදයක් සකසන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. 18 August 2023
බඩ ඉරිඟු ආනයන බදු පහළට බඩ ඉරිඟු කිලෝග්රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 18 August 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026