මාතලාපිටියේ පාරක් නාය යයි පසුගිය සුළි කුණාටුව හේතුවෙන් නාය යෑමට ලක්වූ මාතලේ මාතලාපිටිය ප්‍රධාන මාර්ගයේ මාරගස්පිටිය ප්‍රදේශයේ ඊයේ (31) දින පෙරවරුවේ තවත් නාය යෑමක් සිදුව තිබේ. 01 February 2026
සර්වඥ ධාතු වන්දනාවට පැය 24ම ඉඩ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් වැඩි පිරිසකට වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසීම සඳහා දවසේ පැය 24 පුරාම ප්‍රදර්ශන කිරීමට තීරණය කර තිබේ. 01 February 2026
වැටලීමට ගිය පොලීසියේ පිරිසකට ප්‍රහාරයක් වැටලීමක නිරතව සිටීයදි. පුද්ගලයන් පිරිසක් සිදුකළ පහර දීමකින් මහඔය පොලිසියේ දූෂණ මර්දන ස්ථානාධිපතිවරයා තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කර ඇති බව මහඔය පොලිසිය සඳහන් කරයි. 01 February 2026
මතුගම පොලීසියේ පිස්තෝලයක් අතුරුදන් මතුගම පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝලයක් අස්ථානගත වී ඇතැයි මතුගම පොලිසිය පවසයි. 01 February 2026
මන්ත්‍රී වෑන් රියේ ගැටුණු දෙන්නෙක් රෝහලට ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීදරන් මහතා ගමන් ගත් වෑන් රථය යාපනය මීසාලේයි උතුර ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියෙ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා චාවකච්චෙරි රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය පවසයි. 01 February 2026
රවී-රන් මිල ඉහළ යාමට හේතුව කියයි මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව දැනට පවතින බදු ක්‍රමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. 01 February 2026
මත් සැකකරුවෝ 737 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 737 ක් ඊයෙ (31) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 01 February 2026
ආණ්ඩුව බොරු ඇත්ත කරන වෑයමක කියපු බොරු ඇත්ත කිරීමට පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නට උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 01 February 2026
කෝටි 5 ක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් දැලේ රුපියල් කෝටි පහකට අධික වටිනා හොරෙයින් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි. 01 February 2026
මෝටර් රිය ගැටී විදුලි රැහැන් කණුව පාරට වැටෙයි මෝටර් රියක් ගැටී ගම්පහ මිරිස්වත්ත නගර මධ්‍යයේ විදුලි ට්රාන්ස්පෝමරයක් සහිත අධි බලැති විදුලි රැහැන් කණුවක් , කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ඇති ධාවන තීරුවට කඩා වැටීමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකටද හානි වී තිබිණි. 01 February 2026
අණ නොතකා ධාවනය වූ රියට වෙඩි කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේ පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලිසිය මගින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බව ධර්මපුරම් පොලිසිය පවසයි. 01 February 2026
ආර්ථික මධ්‍යස්ථාන සමාගමකට පවරනවාට වෙළෙන්දෝ විරෝධය දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලනය ස්වභාවයෙන් ඉවත් කොට වෙනම සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණයට සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරන බව ආර්ථික මධ්‍යස්ථානය වෙළඳසල් හිමියෝ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දුන්හ. 01 February 2026
’’ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි ’’ සම්මානය දිනා හංසනා දිවයිනට ඊජිප්තුවේ පැවති 53 වන ’’ මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් ’’ ( Miss Intercontinental ) රූ රැජින තරගාවලියේ දී , ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හිමි වූ ’’ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි ’’ ( Strenth and Harmony ) සම්මානය දිනා ගත් හංසනා බාලසූරිය මෙනෙවිය අද අලුයම දිවයිනට පැමිණෙියාය. 01 February 2026
වෛද්‍යවරු හෙට සිට තවත් සැර වෙති සිය ඉල්ලීම් සඳහා රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙට (02) සිට තීර්ව කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය. 01 February 2026
උතුම් වූ නවම් පොහෝ දිනය අදයි නවම් පොහෝදය අදට යෙදී ඇත. ඒ නිමිත්තෙන් රටපුරා වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩ සටහන් සංවිධානය කර ඇත. කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය පෙරටු කර ගනිමින් නවම් පෙරහර මූලික කර ගනිමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත. 01 February 2026
පළාත් කීපයකට අදත් වැස්ස උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 01 February 2026
මහ මුහුදේදී ධිවරයන් පිරිසකට පහරදීලා වෙන්නප්පුව ධිවර වරායෙන් පසුගිය 03 වානි දින මුහුදු ගිය ධිවරයන් පිරිසක් ලංකා මුහුදු තිරයේ මසුන් අල්ලමින් සිටියදි ඉන්දිය නාවික හමුදා යාත්‍රාවකින් පැමිණි පිරිසක් යාත්‍රාව පරික්ෂා කරමින් එහි සිටි ධිවරයන්ට පොලුවලින් සහ අතින් පයින් පහරදි පිටව ගොස් ඇත. 31 January 2026
විස්සයි 20 ලෝක කුසලාන මංගල තරගයට නෙදර්ලන්ත කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ මංගල තරගයට සහභාගී වීමට නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දහවල් දිවයිනට පැමිණියහ . 31 January 2026
ඉන්ධන මිලේ සුළු වෙනසක් මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 31 January 2026
පුත්තලම ඩිඅයිජි පුටුව අලුත් වෙයි පුත්තලම දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.කේ.ඩී.විජය ශ්‍රී මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කර ඇත. 31 January 2026
විගණකාධිපතිවරයා තේරීම අඟහරුවාදාට කල්යයි මීළඟ විගණකාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවැත්වීමට නියමිතව තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම ලබන අඟහරුවාදා දක්වා කල් දමා ඇතැයි වාර්තාවේ. 31 January 2026
කෝටි 9 මැණික් ගල් අරන් සල්ලි ගත් සැකකරු කොටුවෙයි රුපියල් අටකෝටි අසූ ලක්ෂ පනස්දාහක් වටිනා මැණික් ගල් 9 ක් ලබාගෙන ඒ සඳහා අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 31 January 2026
තියුණූ ආයුධ කල්ලියක තුනක් අත්අඩංගුවට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි 31 January 2026
ශ්‍රී ලංකාව සමග චීනයෙන් නව ගුවන් සේවාවක් ශ්‍රී ලංකාව සමග නව ගුවන් ගමන් සම්බන්ධතාවයක් ආරම්භ කරමින් චීනයේ ’’ කැපිටල් ’’ ගුවන් සේවය ( Capital Air Lines), බෙයිජිං නුවර, ඩැක්සිං (Daxing) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ප්‍රථම මංගල ගුවන් යානය (Inogaral Flight) කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (31) දින පස්වරුවේ පැමිණියේය. 31 January 2026
රජයේ ලොක්කෝ 25000ක් වාහන එනතුරු පෝලිමේ රාජ්‍ය සේවයේ ප්‍රධානීන් විසි පන්දහසක් පමණ තීරු බදු රහිත වාහන බලපත්‍ර වසර පහකට වැඩි කාලයක් තිස්සේ ළඟ තබාගෙන වාහනයක් මිලදී ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තාවේ. 31 January 2026
මන්ත්‍රී පැන්ෂන් කැපීම: ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එන සතියේ මැතිසබයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බොහෝ දුරට ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 31 January 2026
නව විගණකාධිපති කවුද: ව්‍යවස්ථා සභාවේ තීරණය අද හවස මීළඟ විගණකාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වේ. 31 January 2026
විදුලිය, ඉන්ධන ඇතුළු සේවා 15ක් අත්‍යාවශ්‍ය සේවා බවට ගැසට්ටුවක් සේවාවන් 15 අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් නිකුත්කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබේ. 31 January 2026
ලෝක ආර්ථිකයේ අවිනිශ්චිත බව රන් ගණන් යන්න හේතුවක් රත්‍රං මිල ශිඝ්ර ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 31 January 2026
මතට පුරුදු වූවන්ට කැමැත්තෙන් ගොඩයන්න අවස්ථාවක් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවනට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්.අමිත් මහතා පැවසීය. 31 January 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026