
(අංජුල මහික වීරරත්න)
මහ කන්නය සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැණි ලිමිටඩ් වෙත යූරියා පොහොර ප්‍රසම්පාදන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2026/27 මහ කන්නයේ කුඹුරු ඉඩම් හෙක්ටයාර 800,000ක වී හා වෙනත් ක්ෂේත්‍ර බෝග වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
එම වගාවන් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිර්දේශ ප්‍රකාරව යූරියා මෙට්‍රික්ටොන් 169,635 ක් පමණ අවශ්‍ය වේ. ඊට අමතරව වැවිලි බෝග, එළවළු, පළතුරු බෝග හා වෙනත් වගාවන් සඳහා සෘජු පොහොර ලෙස ලබා දීම සඳහා සහ මිශ්‍ර පොහොර වර්ග සැකසීම සඳහා ද යූරියා පොහොර සැපයිය යුතුව තිබේ.
ඒ අනුව එම යූරියා පොහොර අවශ්‍යතාව සලසා ගැනීමට හැකි වන පරිදි 2026/27 මහ කන්නය සඳහා ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැණි ලිමිටඩ් වෙත යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික්ටොන් 10,000 ක් හා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික්ටොන් 10,000 ක් ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd