
(අංජුල මහික වීරරත්න)
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
(476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඒකාබද්ධ කර, සුනඛ ගහනය පාලනය කිරීම, සුනඛයින් සඳහා ජලභීතිකා එන්නත් ලබා දීම විධිමත් කිරීම හා අනිවාර්ය කිරීම, සුනඛයින් ලියාපදිංචි කිරිම නීතිමය වශයෙන් ශක්තිමත් කිරීම, එම කාර්යයන් සඳහා වගකිව යුතු ආයතනවල බලතල හා වගකීම් පැහැදිලි කිරීම සහ එකී වගකීම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම යන කාර්යයන් අරමුණු කර ගනිමින් පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025 -09-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලු ටැක්ස් එකක් එන අතරමගදී
1842 මාතාලා හටනේ එකක් තමයි බලු බද්ද එකත් මේ මාලිමාවෙ ආණ්ඩුව යලි ගෙන එමට සැරසෙන්නේ මරු අනුර විදි සුනඛයන් නගර සභාවේ නගරාධිපතිගේ නමට රෙජිස්ටර් කරන්න වෙන්නේ පොලිසිය තුල ඉන්න බල්ලෝ පොලිස් බලන්න ලෙස පොලිසියේ ඕඅයිසිගේ නමින් රෙජිස්ටර් කරන්න වෙන්නේ මරු .
ඉතාම හොද වැඩපිළිවෙලක්, මාර්ග වල සිටින අයාලේ යන සුනඛයන් නිසා මොටර් පැදි කරුවන් අතුලු වාහන වලට දෛනිකව සිදුවන අනතුරු සංඛ්‍යාවද ඉතා විශාලය. අයාලේ යන සුනඛයන් සපා කෑම නිසා වන ජිවිත හානියද සුලුපටු නොවේ.