මැනිං මාර්කට්ටුවටත් ඔන්ලයින් ගෙවීම් එයි නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සදහා (online payment) මාර්ගගත ගෙවීම් පහසුකම් ලබා දීම පෑලියගොඩ මැනිං පොදු වෙළෙද සංකීර්ණයේ දී අද (2) සිදුකෙරිණි. 02 February 2026
ගුරු සංවර්ධන නිලධාරී ගැටලු ලිහන්නැයි උද්ඝෝෂණයක් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්නයි ඉල්ලමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණයක් කළේය. 02 February 2026
විදෙස් රැකියා වංචා වලින් ගලවා ගැනීමේ මෙහෙයුමක් අරඹයි විදෙස් රැකියා වංචා වලින් ලාංකිකයින් ආරක්ෂා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිවයින පුරා දැනුවත් කිරීම් වැඩසටහනක් ආරම්භ කළේය. 02 February 2026
මත් සැකකරුවෝ 803 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 803 ක් ඊයෙ (1) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 02 February 2026
නාමල්ගේ ’’අදරයට’’ ගංගාරාමයේ දී පොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඇරැඹුණු ’’ආදරය’’’වැඩසටහන වෙනුවෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පොත්පත් පරිත්‍යාගයක් සිදු කෙරිණි. 02 February 2026
දැඩි සීත කාලගුණයෙන් ගාසා දරුවෝ 10 ක් මරුට අධික සීතල කාලගුණය හේතුවෙන්, ගාසා තීරයේ ළමා මරණ ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වනවිට අධික සීතල හේතුවෙන් මියගිය කුඩා දරුවන් ගණන 10 කි. මෙය දැඩි මානුෂික අර්බුදයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. 02 February 2026
ආයුධ-මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළා අත්අඩංගුවට කිසියම් පුද්ගලයකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන යුද හමුදා සෙබළකු ටී 56 උණ්ඩයක්, ව්‍යාජ අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ මිලිග්‍රෑම් 150 ක් අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 02 February 2026
ඇමෙරිකාවේ ඉන්ෆ්ලුවෙන්සා බියක් ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේවනවිට ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වී, ඇතිවුණු සංකූල තත්ත්වයන් හේතුවෙන් මියගිය ඇමෙරිකානුවන් ගණන 11,000 ක් බවය. 02 February 2026
ඇමෙරිකාවට යළි අනතුරු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී යළිත් වරක් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය. ඇමෙරිකාව කිසියම් හෝ ආකාරයකට ඉරානයට පහර දුන්නොත්, ඉරානය ඊට ප්‍රතිචාර දක්වන බවත්, එවිට කලාපීය යුද්ධයක් හටගනු ඇති බවත් පෙන්වා දෙමිණි. 02 February 2026
දලයි ලාමාටත් ග්‍රැමී සම්මානයක් 68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී ටිබෙට් ආගමික නායක දලයි ලාමා තුමන්ට ද සම්මානයක් හිමිවිය. ග්‍රැමී සම්මාන උළෙල යනු ලෝක සංගීත ක්ෂේත්රයේ ඉහළම ගෞරව සම්මාන ප්රදානෝත්සවයයි. 02 February 2026
ඇමෙරිකාවට හිම කුණාටු: ගුවන් ගමන් 1200 ක් නවතී දැඩි සීත කාලගුණය සහ හිම කුණාටු හේතුවෙන් ඇමෙරිකාව පුරා ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත. ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (2) වාර්තා කළේ ගුවන් ගමන් 1,200 ක් අවලංගු කෙරුණු බවය. 02 February 2026
කොටිකම්බොක්ක අනවසර තිරුවානා කැණීම් තහනම් මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි දැනට කැණීම් කටයුතු සිදු නොවන කොටිකම්බොක්ක ධමනි තිරුවානා (Vein Quartz) නිධිය නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එහි මූලික විද්‍යාත්මක ගවේෂණයන්ට අනුව මීටර් 700ක භූමි ප්‍රමාණයක පැතිරී ඇති මෙම නිධියේ මෙට්‍රික් ටොන් මිලියන 0.31 ක අතිවිශාල තිරුවානා සංචිතයක් පවතින බවට හඳුනාගෙන ඇත. 02 February 2026
වැලිගම ප්‍රා සභා බලය ජාජබට වැලිගම ප්‍රාදේශිය සභාව නව සභාපතිවරයා ලෙස ජාතික ජන බල වේගයේ චින්තක දර්ශන හේවාපතිරණ මහතා අද තේරි පත්විය. 02 February 2026
ගිනි අවිය පත්තු වී සැරයන් මරුට කළුතර විශේෂ කාර්ය බළකා කදවුරේ දී ගිනි අවියක් පත්තුවී සැරයන්වරයකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 02 February 2026
බටයක සඟවා තිබු අවියක්-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි ප්ලාස්ටික් බටයක බහා සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 02 February 2026
‘දිට්වා‘ හානි කළ ආනවිළුන්දාව රැම්සා අභය භූමිය පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරීන් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර මහතා පවසයි. 02 February 2026
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම එයි මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 02 February 2026
ගිනි අවිය අතුරුදන්වූවාට පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට මතුගම පොලිස් ස්ථානයේ තිබූ පිස්තෝලයක් , මැගසිනයක් සහ පතුරම් දහයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 02 February 2026
ට්‍රැක්ටරයේ ටේලරයට යටවී ගුරුවරයා මරුට වාන්ඇල, කට්කුලම් ප්‍රදේශයේ වංගු සහිත ස්ථානයක මාර්ගය අයිනේ සිටි පුද්ගලයෙකු ඊයේ (01) ට්‍රැක්ටරයක ටේලරයේ ගැටී පිටුපස රෝදයට යටවීමෙන් මියගිය බව වාන්ඇල පොලිසිය කියයි. 02 February 2026
බෙලිගමුව ගොවිපොලේ මුරකරු ඝාතකයා කොටුවෙයි මීට වසර දෙකකට ඉහත දී ගලේවෙල බෙලිගමුව ගොවිපලේ මුරකරු ඝාතනය කර සැඟවසිටි සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ පොල්ලෙලි කාර් මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ගලේවෙල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . 02 February 2026
අද කාලගුණය උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 February 2026
ඉරානය - ඇමෙරිකාව සාකච්ඡාව මාර්ගයකට යුද්ධයකට නොගොස් ගිවිසුමකට එළැඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට ඉරානය, ඇමෙරිකාව සමග අදහස් හුවමාරු කර ගැනීම ආරම්භ කර ඇතැයි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 01 February 2026
දෙපැත්තේම කඹ ඇදීම්: විගණකාධිපති තනතුර පිරවීම ලොකු අවුලක විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වාද විවාද සහ කඹ ඇදීම් උත්සන්නවීම හේතුවෙන් එම තනතුර පිරවීම මේ වනවිට විශාල අර්බුදයක් බවට පත්ව ඇත. 01 February 2026
වෛද්‍ය දරුවන්ගේ පාසල් ගැටළුව නිරාකරණය කරයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී, ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 01 February 2026
විශේෂඥ වෛද්‍යවරු වර්ජනයට නෑ වෛද්‍යවරුන් හෙට (2) පවත්වන බව කියන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කිසිදු සහභාගීත්වයක් නැතැයි රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය. 01 February 2026
ඉන්දියා අය වැයෙන් ලංකාවට ලොකු සහායක් ශ්‍රී ලංකාවට ණය සහ ප්‍රදානයන් ලෙස ඉන්දීය රුපියල් කෝටි 400 සහායක් ලබාදීමට ඉන්දීය රජය මෙම වසරේ අයවැය කෙටුම්පත මගින් යෝජනා කර ඇත. 01 February 2026
රියදුරුගේ දස්කමින් ජීවිත රැසක් බේරෙයි වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි අද (01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරැලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බව වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර මහතා පැවසීය. 01 February 2026
ග්‍රෙගරි වැවේ බිළිඳු සිරුරක් නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබු අලුත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) සොයා ගත් බව නුවරඑලිය පොලිසිය පවසයි. 01 February 2026
මත් කුඩු සමඟ යුවළක් දැලේ කාර් රථයකින් අයිස් මත් කුඩු ප්‍රවාහනය කළ යුවළක් අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසියේ විෂ මත් ද්‍රව්‍යය නිවාරණ වැටලීම් ඒකකය කියයි. 01 February 2026
කළුතර සංවර්ධන වැඩ 287ක් මාස හතකදී අවසන් කළුතර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සැලසුම් කළ සංවර්ධන ව්‍යාපෘති 290 ක් අතරින් 287 ක සංවර්ධන කටයුතු අවසන් කිරීමට ඉකුත් වසරේ මාස හයක් වැනි කාලසීමාවකදී රජයට හැකි වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 01 February 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026