
(අංජුල මහික වීරරත්න)
හෝමාගම මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචිය ඩිජිටල්කරණයට ලක් කිරීම සහ දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ රෝගීන් පරීක්ෂාව සහ කළමණාකරණයට ලක් කිරීමේ නවීන තාක්ෂණික ක්‍රමවේදය ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
මෙහිදී ඩිජිටල්කරණයට ලක් වූ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) පළමු රෝගියා ලියාපදිංචිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර දුරස්ථ වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමවේදය ඔස්සේ පාදුක්ක රෝහලේ රෝගියෙකු නිරීක්ෂණය හා කළමණාකරණය ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණය යටතේ සිදුවිය.
මෙම ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් රෝහල් පිරිවැය සහ වියදම් අවම වීම (Cost Reduction), සේවක කාර්යක්ෂමතාව ඉහළ යාම (Increased Efficiency), රෝහල් ධාරිතාව සහ ඉඩකඩ උපරිමයෙන් භාවිත කිරීමට හැකිවීම (Optimized Capacity), දත්ත පදනම් කරගත් නිවැරදි තීරණ ගැනීමට හැකිවීම (Data-Driven Decisions), පරීක්ෂණ රෝගී වාර්තා දත්ත හුවමාරුව පහසුවීම ආදි වශයෙන් රෝහල් කළමනාකරණයට සහ පරිපාලනයට සෘජුවම අත්වන ප්‍රතිලාභ රැසකි.
අනතුරුව රෝහල් සංවර්ධන කමිටුව සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහලේ ඉදිරි සැළසුම්, අවශ්‍යතා සහ පවතින ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී රෝහල් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් රෝහලේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දුන් මහල් 04 ක බහුකාර්ය ගොඩනැගිල්ක අවශ්‍යතාවය පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර, රෝහලේ මානව සහ භෞතික සම්පත් කළමණාකරණය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී වැඩි අවධානයක් යොමු කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd