
(රෝෂන් තුෂාර)
ජනාධිපති වැය ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වෙන් කරන ලද රුපියල් කෝටි 22කට අධික මුදලක් රජයේ හෝ ජනතාවගේ යහපත උදෙසා වැය නොකොට දේශපාලන පක්ෂයක (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ) දේශපාලන අරමුණු වෙනුවෙන් වියදම් කොට මුදල් අව භාවිතා කළේ යැයි කියන ජනාධිපති කාර්යාල හිටපු විශේෂ ව්‍යාපෘතියක අධ්‍යක්ෂ සුගීෂ්වර බණ්ඩාර ලබන 08 වැනි දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග අද කළේය.
සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය එදින ලබා දෙන බවත්, ඇප ඉල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනවට වඩා කෑගහනකොට අපි හිතුවා මොකක් හරි ලොකු දෙයකින් ගැලවෙන්න තමයි කියලා.
.පහුගිය කාලේ නටපු රැන්ගිලි වල හැටියට ඔහොම වෙලා මදි.