
(රෝෂන් තුෂාර)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන අතරතුර නිරා ආහාරව සිටීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ සැකකරු ආරම්භ කර තිබූ ආහාර වර්ජනය කිරීමේ උපවාසය අවසන් කිරීමට තීරණය කර ඇති බව ඔහුගේ නීතිඥවරයා සනාථ කළේය.
නීතිඥවරුන් විසින් නැවත නැවතත් ලබාදුන් උපදෙස් හා කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් උපවාසය අවසන් කිරීමට තීරණය කර ඇති බව පැවසේ.
තම නිර්දෝශී භාවය වෙනුවෙන් සටන් කිරීමට නම් ජීවත්ව සිටීම අත්‍යාවශ්‍ය බව ඔහු විසින් තීරණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය පිළිබඳව ඔහුගේ වෛද්‍ය කණ්ඩායමට මෙන්ම විමර්ශන කටයුතු භාර නිලධාරීන්ටද දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරේෂ් සලේ කටයුතු කරන්න ඇත්තේ බලලෝභී, දූෂිත පව්ල් පාලනේ අයගේ බලපෑම් නිසා විය හැකි.. ඇත්ත හෙළිදරව් කරන එකයි විය යුත්තේ...?
දැන් ඉන 32ට බැහැල, "මේල් මොඩ්ල් ෆිගර්" එකක් ඇති. එක ගලෙන් කුරුල්ලෝ දෙකක්, තුනක්, හතරක් බිම.
සලේ ආහාර ගන්නවා කියපුවම ඩෝබීන්ට බඩ බුරුල් වෙලා.
වීලි ලැජ්ජාවේ බෑ. මෙහෙමත් මේජර් ජනරාල් ලා. හමුදාවේ මේජර් ජනරාල් ල දහස් ගණනක් ඉන්න ඇති. ඒත් මේ වගේ අය නම් එකම එක්කෙනයි. තමන් නිවැරදි නම් මොකටද උපවාස? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉවත් කරන්න කියන්නේ? හංගන්න දෙයක් තියෙන නිසානේ ලැප්ටොප් එකෙයි, ෆෝන් එකෙයි පාස් වර්ඩ් දෙන්නේ නැත්තේ. හමුදාවේ බුද්ධි අංශයේ ඉන්දෙද්දී, කොහොමද දන්නේ නැහැ. ත්‍රස්තවාදී සැකකරුවන් ඇත අඩංගුවට ගත්තාම ප්‍රශ්න කරන්නේ?
ඔය ක්‍රියා දාමය මගින්, හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙක් වන සලේ ගේ ආත්මයම නිරුද්ධ කරා. හමුදා පුහුණුව සහ බිද්ධි කටයුතු කල කෙනෙක් ගේ යමක් දැරීමට හැකියාවක් නොමැති බව පෙන්නුවා. පස්ස පැත්ත ගැනත් කීවා. සැබෑ ප්‍රියම්භිකාවක් නම්, භාර්යාවට කළයුතුව තිබුනේ, උපවාසය අත් හැරීමට කියල සැමියාගෙන් ඉල්ලමින් හඬා වැළපිමයි. නමුත් උනේ මොකක්ද?