
(අංජුල මහික වීරරත්න)
2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි / පැවිදි සිසුන් සහ සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි / පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රමවේදයන් දෙකක් යටතේ මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කරන ලදී. 2027 වර්ෂය සඳහා වන පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහන 2026 තෙවන පාසල් වාරය අවසානය වන විට නිම කිරීම සඳහා සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රම වේදයේ ප්‍රගතිය මත පදනම්ව බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත් වලට අදාළව දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසලටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීම සඳහාත්, මධ්‍යම, උතුර, උතුරුමැද හා ඌව යන පළාත් වලට අදාළව වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහාත්, තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා එක් අයෙකුට රුපියල් 3,000 ක වටිනාකමින් යුත් තිළිණ පතක් බැගින් ලබා දෙමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd