
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව කැත් රසායනාගාර ඒකක (Cardiac Catheterization Laboratory) ද්විත්වය සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය හෙට (02) රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරෙයි.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ නව වැඩපිළිවලක් මේ වන විට ක්‍රියාත්මකව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ආසියා සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් මෙම සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කෙරෙන අතර, ඒ අනුව පසුගිය 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාරය රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි. ඊයේ (30) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාර ඒකකය ද රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි.
මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් උසස් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට ද හැකියාව සලසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd