ඇමෙරිකාවත් ඉරානයත් යළි ඇවිලෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකා තුනකට ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කිරීමත් සමග, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඇමෙරිකන් ගුවන් හමුදාව ඉරානයට පහර දුන්නේය. 08 July 2026
කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තව ප්‍රවර්ධනය කරයි කෘෂිකර්ම සහ කර්මාන්ත අංශ වල තරුණ ව්‍යවසායකයන් වෙනුවෙන් දෙන අඩු පොලී බැංකු ණය පහසුකම් තවදුරටත් ප්‍රවර්ධනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 08 July 2026
පළාත් කීපයකට අද වැසි වාර කීපයක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 July 2026
මීගමුව බන්ධනාගාරය හිස් කරයි මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් එම බන්ධනාගාරය හිස් කර එහි රදවා සිටින රැදවියන් 500 කට ආසන්න පිරිසක් ගාල්ල ප්‍රදේශයේ වසා දමා ඇති මහ මෝදර රෝහලට රැගෙන යාමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 08 July 2026
මීගමුවෙන් අඟුණකොලේට රැගෙන ගිය රැඳවියෙක් මිය යයි මීගමුව බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ආ රැදවියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. 08 July 2026
රාජ්‍ය ආදායම ගැන අයි.එම්.එෆ් එක්ක සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 07 July 2026
වියළි කහ කිලෝග්‍රෑම් 60,000 ක් ගෙනල්ලා රුපියල් කෝටි 20 ක පමණ වටිනාකමින් යුත් වියළි කහ කිලෝග්‍රෑම් 60,000 කට අධික ප්‍රමාණයක් මෙම වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තතමේන්තුව සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. 07 July 2026
අනීතිකව ගෙනා වාහන ලියාපදිංචි කළ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ් රේගුවට හොර රහසේ ආනයනය කළ මෝටර් රථ, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතිකව ලියාපදිංචි කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හෝමාගම ව්‍යාපාරිකයා ලබන 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය නියෝග කළාය. 07 July 2026
ඉන්ධන සහ ස්වභාවික වායු ප්‍රවාහන නැව් දෙකකට ප්‍රහාරයක් ඕමානය ආසන්නයෙන් වැටී ඇති මාර්ගය භාවිත කරමින් ඇමෙරිකානු නාවික හමුදාවේ සහාය ඇතිව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ ගත් ඉන්ධන සහ ස්වභාවික වායු ප්‍රවාහන නෞකා දෙකකට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය අද (07) වාර්තා කර තිබිණි. 07 July 2026
ගැටුම ගැන කලින් බුද්ධි තොරතුරු ලැබුණේ නෑ මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කලින් බුද්ධි තොරතුරු නොලැබුණු බව බන්ධනාගාර කොමසාරිස්(වැ.බ) ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පැවසීය. 07 July 2026
බන්ධනාගාර තදබදය තුන් ගුණයකින් ඉහළට දිවයින පුරා සියලු බන්ධනාගාරවල ප්‍රධානීන් හදිසි රැස්වීමක් සඳහා කොළඔට හෙට (08) කැඳවා ඇත. 07 July 2026
බන්ධනාගාර ගැටුමට හේතු හොයන්න විමර්ශන කමිටුවක් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (07) විමර්ශන කමිටුවක් පත් කරන ලදී. 07 July 2026
‘‘අසාර්ථක අය යා යුතුනම් මුලින්ම යා යුත්තේ විපක්ෂ නායකයි‘‘ අසාර්ථකභාවය හේතුවෙන් ඉවත් කරන්නේ නම් මුලින්ම ඉවත් කළ යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 July 2026
මීගමුවේ සිද්ධිය ෆ්‍රී ලෝයර්ස් හෙළා දකී මීගමුව බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීම් සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් බවත් එය හෙළා දකින බවත් ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය පවසයි 07 July 2026
යුද්දෙ නිසා ඇමතිවරුන්ට - නිලධාරීන්ට පැනවූ ඉන්ධන නිකුතු සීමා ඉවතට මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී මැද පෙරදිග අර්බුදය නිසා පනවා තිබූ සීමා ඉවත් කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 07 July 2026
ගැටුමින් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සිරුරු කොළඹට මීගමුව බන්ධනාගාරයේ තුළදී ඊයේ (07) ඇතිවූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් හත් දෙනාගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන්අනතුරුව නිලධාරීන්ගේ අවසන් ගෞරවය දැක්වීම සඳහා බොරැල්ල බන්ධනාගාර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 07 July 2026
කැකිරාවේ ලොකු ගොවි විරෝධයක් වී සඳහා සාධාරණ මිලක් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්ගො වි සංවිධාන රැසක ගොවි නියෝජිතයෝ කැකිරාවේදී අද (07) විරෝධතාවයක නිරත වූහ. 07 July 2026
මීගමුව හිරගෙදර සිද්ධිය: මානව කොමිසමෙනුත් විමර්ශනයක් මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර අැත. 07 July 2026
ඖෂධයක් දීමෙන් පසු අන්ධ වූවන්ට ආණ්ඩුවෙන් වන්දි අක්ෂි සැත්කම් වලින් පසු ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධය ලබා දීමෙන් අනතුරුව දෘෂ්ටිය අහිමි වූ රෝගීන් සඳහා වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 July 2026
ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබියදී අරගල සමයේදී විනාශ කළ ගොඩනැගිල්ලක් ඇතුළු දේපල සඳහා හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් ලක්ෂ 88 කට අධික වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් අද (07) බාර දෙන ලදී. 07 July 2026
කන්කසන්තුරය දුම්රිය දින හතරකට සීමා කරයි බලවේග කට්ටල දුම්රියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැතිවීම හේතුවෙන් දිනපතා ධාවනය කළ කන්කසන්තුරය නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සතියකට දින හතරකට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. 07 July 2026
බස් සේවා පොකුරුකරණය කරන්න යයි බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ නියමු වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 July 2026
මීගමුවේ සිද්ධිය ඛේදවාචකයක් මීගමුව බන්ධනාගාරයේ සිදුවීම ඛේදවාචකයක් මෙන්ම නොවිය යුතු දෙයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 07 July 2026
පෞද්ගලික සරසවියක නීති සිසුවියක් ගෙල කපා මරලා පානදුර ගොරකාන ප්‍රදේශයේ නිවසක් තුළ පිහියකින් ගෙලකපා ඝාතනය කළ බවට සැක තරුණියකගේ මළසිරුරක් හමු වූ බව පානදුර උතුර පොලිසිය සදහන් කරයි. 07 July 2026
නාමල්ගෙන් සජිත්ට ලිපියක් හිතුවක්කාර අයුරින් ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට උත්සහ දරමින් නීතියේ ආධිපත්‍ය බිද දැමීමට එරෙහිව සමස්ථ ප්රජාතන්ත්රවාදය අගයන පක්ෂ නැගී සිටිය යුතු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් පවසයි. 07 July 2026
මීගමුව සිද්ධියේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි මීගමුව බන්ධනාගාරයේ සිද්ධියේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 07 July 2026
මීගමු සිද්ධිය ගැන කලින්ම බුද්ධි තොරතුරු ලැබිලා මීගමුව සිද්ධිය ගැන කලින්ම බුද්ධි තොරතුරු ලැබී තිබුණත් ඒ ගැන ක්‍රියාත්මක වී නැතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 July 2026
මේ පත්තු වෙන්නේ අතීත දේශපාලන ගිනි කඳු පැරණි දේශපාලන සංස්කෘතිය අපට තිළිණ කර තිබෙන්නේ නිස්කලංක නිවුණු රෝස මල් පාත්තියක් වගේ ලංකාවක් නොවේ යැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 July 2026
නේටෝ සමුළුව තුර්කියේ ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ වාර්ෂික මහ සමුළුව, තුර්කියේ අන්කාරා නුවරදී ඇරැඹුණි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ, ආරක්ෂක වියදම් සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙසු නේටෝ රටවලට චෝදනා කරමින් සිටින පසුබිමකය. 07 July 2026
ඕස්ට්‍රේලියාව ෆීජි රාජ්‍යය අතරේ ආරක්ෂක ගිවිසුමක් චීනයෙන් එල්ල වන තර්ජන හමුවේ, ඕස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතරේ නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. 07 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026