වෛද්‍ය සිසුවා මුහුදට බිලි තංගල්ල මාවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය . 08 February 2026
ආයුර්වේද සම්බාහනයකදි විදෙස් කතකට අතවර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයකුට පහරදිම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයකු අත් අඩංගුවට ගෙන ඇති බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 08 February 2026
වැස්ස ටිකක් අඩු වෙන හැඩ දිවයිනේ දැනට පවතින වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් පෙබරවාරි 8 සිට 11 දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 08 February 2026
සජබ පුංචි මන්ත්‍රී අපෙක්ෂකට එල්ල වූ වෙඩි පහර කළුතර මහ නගර සභා අපේක්ෂකයකු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුවද ඉලක්කය වැරදී ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 08 February 2026
ලංගම රියැදුරාට පහර දෙයි ඩයගම සිට හැටන් දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලංගම බස් රථයේ රියදුරාට එම මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයකු පහර දී ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ධාවන කලමණාකාරවරයා පැවසීය. 07 February 2026
ඡංගම දුරකතනයක් කළ හදියක් ඡංගම දුරකතනයක විදුලි ආරෝපණයට යොදා තිබියදී හදිසියේ ඇති වූ ගින්නකින් මෙවර උසස් පෙළට සූදානම් වූ සිසුවියකගේ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් විනාශ වි ඇතැයි සිගිරිය පොලිසිය කියයි. 07 February 2026
පස්සර මඩිත්තගොල්ලේ නායයාම සක්‍රිය වෙයි දිට්වා ආපදා සමයේ නායයාමට ලක්වූ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දබකොටේ මඩ්ත්තගොල්ල නායයාම යළි වර්ෂාවත් සමඟ අද (7) සිට සක්‍රිය වීමට පටන්ගෙන ඇති බව පස්සර ප්‍රාදේශීය ලේකම් ගංගානි සෝමවීර මහත්මිය පැවසුවාය. 07 February 2026
මතුගම කාණුවක මළ සිරුරක් මතුගම අගලවත්ත ප්‍රධාන මාර්ගයේ යටියන ආයතනයක් අසල කණුවක වැටි තිබි මියගිය පුද්ගලයකුගේ මෘත ශරිරයක් සොයාගෙන ඇතැයි මතුගම පොලිසිය පවසයි. 07 February 2026
විදුලිසැර වැදී මවක - දියණියක මරුට සිය ගෙවත්ත මායිමේ කඩාවැටී තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් දෙල්තොට නවනැලිය ගම්මානයේ මවක් හා දියණියක් අද (7) මරණයට පත්ව ඇති බව ගලහා පොලීසිය පවසයි. 07 February 2026
ඒරොප්පෙට ගිය ලක්ෂ දෙකක් සැදෑ සමය ගෙවන්න ලංකාවට විදේශයන්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් විශ්‍රාම දිවිය නැතහොත් සැදෑ සමය ගත කිරීම සඳහා ලංකාවට නැවතත් පැමිණ සිටින බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු සහ තානාපති සේවා අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 07 February 2026
සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට කොස්තාපල්ට ඇප සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇතැයි කියන ලංකාබේරිය ප්‍රදේශයේ ගෝණ දඩයමේ ගිය බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සූරියකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිට සහ එම පොලීසියේ සේවය කරන පොලිස් කොස්තාපලවරයා රුපියල් ලක්ෂ හතරක ශරීර ඇප මත මුදාහරින ලෙස ඇඹිලිපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.ඩී.දසනායක මහතා අද (7) සවස නියෝග කළේය. 07 February 2026
මන්ත්‍රීලාගේ ’’පැන්ෂන්’’ කපා දාන පනත් කෙටුම්පත 17 විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ලබන 17 වෙනිදා විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 07 February 2026
මන්ත්‍රී නෝනලාට කැත වචන කීම තහනම්? පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාට ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත 07 February 2026
ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුව හරහා සම්මත කර ක්‍රියාත්මක කරන තෙක් ඉදිකිරීම් ක්ෂේත්රයට අදාළ ද්‍රව්‍ය හැර අනෙකුත් සියලුම ඛනිජ කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. 07 February 2026
මාධ්‍ය මර්දනයට හදිසි නීතිය යොදා ගැනීම වැරදියි මාධ්‍ය මර්දනයට අද හදිසි නීතිය පාවිච්චි කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. 07 February 2026
සුරා බදු දෙපාර්තමේන්තුව නව්‍යකරණයට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම, ප්‍රතිසංස්කරණය සහ නව්‍යකරණ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. 07 February 2026
මත් සැකකරුවෝ 777ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 777 ක් ඊයේ (6) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 07 February 2026
ටිල්වින් ඉන්දීය විදේශ ඇමති හමු වෙයි සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ (ICCR) ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා අතර හමුවක් සිදුවිය. 07 February 2026
ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාරය කොටඋඩ චිත්‍රපටි ක්ෂේත්රයේ දැවැන්තයකුවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමට චිත්‍රපටි සංස්ථා භූමියේ කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් ස්ථාපනය කිරීමට මුදල් වෙන්කර ඇතත් එහි ඉදිකිරීම් අතරමග නතර කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 07 February 2026
අදත් තැනින් තැනට තරමක තද වැසි ඌව පළාතෙත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 07 February 2026
රොකට් විඳින තුනක් වාලච්චේනෙන් හමුවේ වාලච්චේන කුඩුම්බිමලේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයාගත් බව වාලච්චේන පොලිසිය කියයි. 07 February 2026
හොරෙන් ඇන්තූරියම් ගෙනා කන්තාවෝ දෙකක් මාට්ටු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් සහ ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 07 February 2026
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බව ලාෆ් සමාගම ඊයේ රාත්‍රී නිවේදනය කළේය. 07 February 2026
විපක්ෂෙ ඇතැමුන්ගේ එකම සටන් පාඨය ජාතිවාදයයි දූෂණයෙන් තොර පාලනයක් මෙන්ම ප්රජාතන්ත්රවාදය සහ ආර්ථික සමෘද්ධිය ගැන කතා කළ නොහැකි විපක්ෂයේ ඇතැමුන්ගේ අද එකම සටන් පාඨය බවට පත්ව ඇත්තේ ජාතිවාදය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 06 February 2026
‘හදිසිය’ වැඩි ඡන්දයෙන් අනුමතයි සජබ විරෝධය පා සභාවෙන් යයි දිට්වා සුළි කුණාටුවෙන් පසු රට පුරා පැනවූ හදිසි තත්වය මාසයක් දීර්ඝ කිරීම( මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය) සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී හදිසි තත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 104කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය. 06 February 2026
ඉස්ලාමාබාද් පල්ලියකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මුස්ලිම් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 169 ක් බව මාධ්‍ය වාර්තා කළේය 06 February 2026
කෙහෙළියගේ ලොකු දුවට ඇප හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ දියණීය රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතාට නියම කළේය. 06 February 2026
අනූෂ පැල්පිට යළි රිමාන්ඩ් වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි කියන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට ලබන 20 දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය . 06 February 2026
සූරියකන්ද හිටපු පොලිස්ථානාධිපති අත්අඩංගුවට සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් ප්‍රශ්න කිරීම සදහා කැදවීමෙන් පසු අද (06)ද අත් අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය . 06 February 2026
හජ් වන්දනා කෝටාවෙන් අයථා ලෙස මුදල් අරන් මේ වසරේ හජ් වන්දනාව සඳහා බැතිමතුන් 3500 දෙනකුට පමණක් සහභාගී වීම සදහා කෝටාවක් ලැබී තිබියදී මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව බැතිමතුන් 7 000 ක් ලියාපදිංචි කර ඔවුන්ගෙන් ආපසු නොගෙවන රුපියල් 5 000 බැගින් වන මුදලක් ලබා ගෙන ඇතැයි බැතිමත්තු චෝදනා කරති. 06 February 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026