(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මීගමුව බන්ධනාගාරයේ සිද්ධියට   විරෝධය පළ කිරීම  මෙන්ම  එය  හෙළා  දැකීම සඳහා  විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක්   කළු පටි පැළඳ පාර්ලිමේන්තු සභාගර්භයට  අද උදේ පැමිණ සිටිනු දක්නට ලැබිණ.

සමහර මන්ත්‍රීවරුන් කළු පටි අත්වල බැඳ ගෙන පැමිණ සිටි  අතර තවත් සමහරුන්  පැමිණ සිටියේ කළු පටි ගෙල  ප්‍රදේශයේ
මාලයක් සේ රඳවා ගෙනය.

පාර්ලිමේන්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 9.30ට රැස්විය.

මීගමුව බන්ධනාගාරයේ  සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැය තුනක විවාදයක්ද පැවැත්විණ.

මීගමුව බන්ධනාගාරයේ සිද්ධියෙන් රැඳවියන් නිලධාරීන් ඇතුළු තිහකට ආසන්න පිරිසක් මිය ගිය අතර සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.