
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ ලේඛන බාහිර පාර්ශ්වයන්ට ලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඉඩම් රෙජිස්ටාර්වරියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳු වත්ත පොලිස් වසමේ පිහිටි කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ටර්වරියයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය, මූල්‍ය අපරාධ විමර්ශන ඒකක දෙක වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය වශයෙන් සිට එම කාර්යාලයේ පත්තිරු, වෙළුම්, ඔප්පුවල දෙවන පිටපත්වල වෙළුම් වල බැඳ ඇති ලේඛන බාහිර පාර්ශ්වයන්ටලබා දී සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබලදීම කුමන්ත්‍රණය, නීත්‍යානුකූල අයිතිකරුවන්ගෙන් ව්‍යාජ ලෙස ලේඛන සකස් කොට එකී ඉඩම් බැහැර කිරීම සිදුකර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd