කැලිෆෝනියාවේ හිම කඳු නායයෑමක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සියෙරා නෙවාඩා කඳුවැටියේ සිදුවුණු හිම කඳු කඩා වැටීමකින් කඳු තරණයට ගොස් සිටි කඳු නගින්නන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් නව දෙනකු අතුරුදන් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. 19 February 2026
දිසා අධිකරණයේ ලේඛනාගාරයට අකරතැබ්බක් කොළඹ දිසා අධිකරණයේ ඉහළ මහලෙ වූ වැසිකිළි හා කැසිකිළිවල අප ජලය ඊට පහළින් වූ දිසා අධිකරණ ප්‍රධාන ලේඛනාගාරයට වැටීමේ එහි කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇතැයි එහි සේවකයෝ කියති. 19 February 2026
මාමණ්ඩියගේ පහරින් බෑණා එලොව යයි කොස්ගම ඇස්වත්ත දකුණ කොස්ගහයටකඩේ ප්‍රදේශයේදී සිය මාමණ්ඩිය හා බෑණා අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් මාමණ්ඩිය බෑණාට තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 19 February 2026
වැලි කැණිමකට එරෙහිව මංගලඑළිය ගැමියෝ පාරට බසිති මුන්දලම මංගලඑළිය ගම්මානයෙ පුද්ගලික ඉඩමක වැලි කැණිමකට පවතින සුදානමකට විරෝධය මතු කරමින් ජනතාව විරෝධතාවක නියැලුණහ. 19 February 2026
කාසල්රි - මවුස්සාකැලේ ජල මට්ටම පහළට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ කීහ. 19 February 2026
තැනින් තැනට අදත් තද වැස්ස ඌව,මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්රික්කයේතී විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 February 2026
විශ්‍රාම දිවිය ගත කරන්න ලොව හොඳම රට ශ්‍රී ලංකාව විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත් මසකට ඇමෙරිකානු ඩොලර් 1000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනක් පමණ) මුදලක් වියදම් කිරීමට හැකියාව ඇත්නම් මෙරටදී විශ්‍රාම යුවළකට සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ හැකි බවත් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පදනම් කරගත් ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීමේ දැක්වේ. 19 February 2026
හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 10ක් හිරේට ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචනික ලෙස කූඨ ලේඛණ සකස් කරන ලද නීතිඥවරයකුට සහ ඔහුට සහාය දැක්වූ පුද්ගලයකුට විරුද්ධව හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුවකදී සැකකාර නීතිඥවරයාට සහ ඔහුට සහාය වූ අනෙක් පුද්ගලයා වරදකරු බවට තීන්දු කළ අධිකරණය සැකකරුවන්ට බරපතල වැඩ ඇතිව වසර දහයක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල්ද පැමිණිල්ලේ පළමු සාක්ෂිකාරියට රුපියල් ලක්ෂ අට බැගින් වන්දි ගෙවීමට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ විසින් නියම කළාය. 19 February 2026
ජනපතිට - පොලීසියට අපහාසකර විඩියෝවක් අන්තර්ජාලයට දැමු 5ක් අල්ලයි ආසන පටි සිද්ධියක් මුල් කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් පරුෂ වචන පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසි කියයි. 18 February 2026
අවුුරුදු දෙකේ දැරියක් ඝාතනය කළැයි අයෙක් අත්අඩංගුවට හෝමාගම මාගම්මන සමගි මාවතේ අවුරුදු දෙකයි මාස හතරක දියණියකට අමානුෂික ලෙස පහරදී ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා අද (18) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 18 February 2026
වෙඩික්කරුවන් පැන යද්දී රාජකාරිය නොකළ පොලිසියේ දෙකක් ගෙදර ජින්තුපිටිය සැලුනයක් තුළදී වෙඩි තබා එක් අයකු ඝාතනය කර තවත් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදු කළ වෙඩික්කරුවන් පළා යද්දී ජීප් රථයේ දොරට මුවා වී සැඟවුණු බව කියන ආදුරුප්පුවීදිය පොලිසියේ සැරයන්වරයාගේ සහ කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 18 February 2026
නීතිඥ ඝාතනයේ සැකකරුවන් මාර්තු 4 දක්වා රිමාන්ඩ් තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ රැදවුම් භාරයේ සිටි සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස (04) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (18) නියෝග කළේය 18 February 2026
පියුමිගේ පුතා ඇතුළු හත්දෙනා යළි රිමාන්ඩ් රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකුට පහර දුන්නේ යැයි කියන නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 20දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා (18) නියෝග කළේය. 18 February 2026
පල්ලෙමලල දී බස් දෙකක් ගැටී 25ක් රෝහලට හම්බන්තොට - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලෙමලල ප්‍රදේශයේදී අද දහවල් 01 ට පමණ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් වෙළෙඳ සලක තාප්පයක කොටසක් කඩාගෙන ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 25 දෙනකු පමණ තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි . 18 February 2026
ඝාතනය කළ නීතිඥවරයා මගේ අධ්‍යන කණ්ඩායමේ අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කළ නීතිඥවරයා තම නීතිඥ අධ්‍යන කණ්ඩායමේ සාමාජිකයෙක් බවත් වර්තමාන ආණ්ඩුට සිය නීතිඥ කණ්ඩායම පිළිබඳ ගැටලුවක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (18) පැවසීය. 18 February 2026
ජනපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත හමු වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact 2026 සමුළුව සඳහා සහභාගී වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමුළුවට සමගාමීව අද (18), හෙට (19) සහ අනිද්දා (20) දිනයන්හිදී හමු වීම් රැසකට එක් වීමට නියමිතය. 18 February 2026
කුට්ටිගල සිද්ධියට සැරයන් ඇතුළු හතරක් රිමාන්ඩ් හමුදා සෙබළකුගෙ ඝාතනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් කුට්ටිගල පොදු සේවා බළකායේ හමුදා සැරයන් වරයකු, සෙබළකු සහ ගම්වැසියන් දෙදෙනකු මාර්තු 03දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා 17දා නියෝග කළේය. 18 February 2026
ශ්‍රී ලංකාව අතිශයින් ශෝචනීය තත්වයකට වැටිලා ශ්‍රී ලංකාව වර්තමානය වන විට අතිශයින් ශෝචනීය මෙන්ම භයානක තත්වයකට පත්ව ඇති බවත් අධිආරක්ෂිත කළාපයක් තුළ හෝ ඊට ආසන්නයේ පසුගියදා නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ටී56 කින් සහ පිස්තෝලයකින් අමුඅමුවේ ඝාතනය කිරීම නිසා නීතිඥයන්ට බියක් නොමැතිව වෘත්තීය කටයුතු කළ නොහැකි වී ඇති බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (18) පැවසීය. 18 February 2026
කන්ටේනර් කමිටුවට උපාලි පන්නිලගේ කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික ධුරයක් සඳහා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ සමාජ සවි බල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය 18 February 2026
ස්නායු සැත්කම් කරන ඩ්‍රිල් ජර්මනියෙන් ගන්න යයි ස්නායු ශල්‍ය කර්ම සඳහා ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 February 2026
“දේශපාලන වනචාරින්ට මගේ කතාවට බාධා කරන්න දෙන්න එපා’ ’’දේශපාලන වනචරයන්ට මගේ කාලය කන්න දෙන්න එපා’’ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (18) ඉල්ලීමක් කළේය. 18 February 2026
’’පාර්ලිමේන්තුවේ බෝයි කපල් හොයන්න ඕන’’ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට නෝනයි මහත්තයයි ගෙනාවා. තාත්තා පුතා ගෙනාවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් ගෙනාවා. දැන් බෝයි ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නවද කියලත් හොයන්න ඕනෑ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 18 February 2026
එක්සත් රාජධානියේ උප අගමැති අස්සජි හිමි බැහැ දකී එක්සත් රාජධානියේ උප අගමැති ඩේවිඩ් ලැමී මහතා කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි ගංගාරාම විහාරස්ථානයේදී හමු විය. 18 February 2026
මත් සැකකරුවෝ 887ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 887ක් ඊයේ (17) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 18 February 2026
බංග්ලාදේශ අගමැතිට මෝදිගෙන් ඇරැයුමක් පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගන්නැයි, ඉන්දියාවට පැමිණෙන්නැයි ඇරැයුම් කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බංග්ලාදේශ නව අග්‍රාමාත්‍ය තරීක් රෙහ්මාන්ට ලිපියක් යවමින් පවසා ඇත. 18 February 2026
බන්ධනාගාරයේ දුක් විඳින ඉම්රාන්ට ප්‍රතිකාර දෙන්න චෝදනා රැසකට වරදකරු වී, බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ ක්‍රිකට් තරුවක් ද වන එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හැකි ඉක්මනින් රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නැයි ප්‍රවීණ ක්‍රිකට් තරු රැසක් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇත. ඒ, පාකිස්තාන රජයට ලිපියක් යොමු කරමිණි. 18 February 2026
ජෝර්ජිවා - හරිනි හමු වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු දූත පිරිස අතර නිල හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 18 February 2026
බිම්ස්ටෙක් ආරම්භක රැස්වීම ලංකාවේ රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 February 2026
දෙනියායට ඇඳන් 300ක නව රෝහලක් ඇඳන් 300කින් යුත් රෝහලක් ඉදි කර දෙනියාය මූලික රෝහල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 February 2026
බංග්ලාදේශ නව අගමැති සුව ඇමති හමු වෙයි බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි. 18 February 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026