
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු පොලිස්පති සීඩී වික්රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.
අවමංගල සභාව අද පස්වරු 2.00 ට පමණ ආරම්භ කෙරුණු අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්, රැවන්වැලි මහා සෑයේ හිමි ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමි පිටිදුවේ සිරිධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නය පාංශකූලය ලබා දුන්හ.
අනතුරුව අවමංගල සභාව වෙනුවෙන් ගුණකථනයන් කීපයක් සිදු කෙරුණු අතර පසුව දේහය පොලිස් ආචාර පෙළපාලි සහිතව බොරැල්ල කනත්ත වෙත රැගෙන යනු ලැබීය.
පසුව ඥාතීන්ගේ සෝ සුසුම් මැද පොලිස් අවසන් ගෞරව පිරිනැමීමෙන් පසු හිටපු පොලිස්පතිවරයාගේ දේහය භූම දානය කෙරිණ.
(සුමුදු හේවාපතිරණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිහිප වරක් මා ධර්ම දේශනා මගින් අසා ඇති පරිදි, සියදිවි නසා ගන්නා කෙනෙක් ජීවිත හානියක් හෙවත් මිනීමැරුමක් සිදු කරන අපරාධ කරුවෙකු හැටියට අපේ බුදු දහමේ උගන්වනවා නෙද ? ඒ අනුව, මිනීමරුවෙක් දිගටම යන්නෙ අපායට කියා මම විශ්වාස කරනවා. සියදිවි නසා ගත් පොලිස්කාරයගෙ පාංශුකූලයෙදී, අපේ උගත්, බුද්ධිමත්, ධර්මධර ස්වාමීන් වහන්සේලා ඔහුට..."උතුම් අමා මහ නිවන් සුව ලැබේවා" කියා පුන්යාමොදනා කරා නම් එය නිවැරදිදැයි දැනගැනීමටයි මෙම වචන කිහිපය. බුදු දහම පිළිබඳ මනා දැනුමක් ඇති අයගෙන් මා ගෞරවයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි ... පහතින් comment එකක් පලකරන්න ... ස්තුතියි
ලංකාවෙ තියෙන තුප්පහි, කඩප්පුලි, දූශිත කුහක දේශපාලන ක්රමය අනුව කිසිම රාජ්ය ආයතනයක ප්රාදානියෙකුට තෘප්තිමත්ව, හිතට එකඟව වැඩ කරන්ට හම්බ වෙනවයි කියන එක සිහිනයක්ම පමනයි. ඔහුට නිවන් සුව පතමි.