
(විමුක්ති. එස්. රුද්‍රිගු)
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත.
සිරිමංගල පිරිවෙන් විහාරස්ථානයේ පසුගිය 11 වැනිදා පැවැති රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාත් මහා සංඝ සභාවේ විශේෂ රැස්වීමක දී සෝහිත හිමියෝ සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.
ඕමල්පේ සෝහිත හිමියෝ 2012 වසරේ සිට වසර 14 කාලයක් රාමඤ්ඤ මහා නිකායේ දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ෙහබවූහ.
විශේෂ සංඝ සභා රැස්වීමට ආරම්භ වීමට පෙර සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් ඕමල්පේ සෝහිත හිමියන් ප්‍රකාශ කර සිටියේ භික්ෂු සමාජය තුළ ලැබෙන නායකත්ව තනතුරක් කිසිම විටක ජීවිත කාලය පුරා ගෞරව නාමයක් හෝ වරප්‍රසාදයක් හෝ ලෙස නොසැලකිය යුතු බවයි.
සංඝ සමාජය තුළ සෑම නායකත්ව තනතුරකටම ඊට නියමිත සීමිත කාලසීමාවක් තිබිය යුතු බවත් එම කාල සීමාවේ දී තනතුරට අදාළ වගකීම් සියල්ල ඉටු කිරීමට නායකත්ව තනතුර බරා ගන්නා අය කටයුතු කළ යුතු බවත් ආචාර්ය සෝහිත හිමියන් එහිදී ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මෙ උදාර තීරණය ඇත්ත වශයෙන්ම අගය කළ යුතු වෙනවා. මෙවැනි වැදගත් තීන්දු තීරණ ගත යුත්තේ සංග සමාජය පමණක්ම නොවේ. දෙශපාලුවන්ටද මෙවැනි වැදගත් තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා නම්, අපේ රටට "දෙශපාලන මහළු මඩම් " අවශ්‍ය වන්නේ නැත. වසර 80 පැනලාත්, තරුණයන් දෙදෙනෙක් සහ හැරමිටියක ආධාරයෙන්, ගාට ගාට ඇවිදින සොම්බියක් වන් මැදමූලන චෞර පරම්පරාවේ මංඤං මහින්ද රාජපස්ස කියන්නේ ඔහු තවමත් පරවුණු පො-හොට්ටුවෙ යාවජීව නායකයා බවත්, විශ්‍රාම යාමෙ කිසිදු අදහසක් තවමත් නැති බවත්ය. එය ඔහු කිහිප විටක්ම හඩගා කියා ඇති බව, මුළු රටම දන්නා කරුණකි ... මෙවැනි බල පෙරෙත දෙශපාලුවන් අපෙ රටේ තව කොපමණ ඉන්නවාද කියා අමුතුවෙන් කියන්න ඕනෑ නැත. උන් හැමෝටම ඕමල්පේ සෝභිත හිමියන් ආදර්ශයක් වෙවා ...
මේ තනතුරු 1840 ගණන්වල බුදු හාමුදුරුවෝ ඇතිකෙරුවේ සාසනයේ උන්නතියටයි. තව කුලය අනුව පැවිදිකිරීම වගේ උතුම් චාරිත්‍රත් දිවිහිමියෙන් රැකගන්න ඕන. අපි අදහන බයි බුද්ධාගම පණ වගේ රැකගන්න ඕන.
මේ මූණවත් අපට පෙන්නන්න එපා, නරියෙක්...
බොහොම අමාරුවෙන් වැර වෑයමෙන් සිංහල බෞද්ධ ජාතිකත්වයේ බලයත් ඉවර කරලා දාපු එකේ ඔය තනතුරුත් අතෑරලා දාපු එක කැපයි හාංදුරුවනේ!