
(විමුක්ති එස් රුද්රිගූ)
ශ්‍රී ලාංකිකයන්ට සංචාරක වීසා ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙරට පමණක් නොව තවත් රටවල් 12 කට සංචාරක වීසා නිකුත් කිරීම තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය අත්හිටුවා තිබේ.
කෙසේ නමුත් තායිවාන රාජ්‍ය ආයතනයක ආරාධනාව මත තායිවනයේ නිල සංචාරයක යෙදෙන පුද්ගලයනට එම තීරණය අදාළ නොවන බවද පැවැසෙයි.
එසේම ජාත්‍යන්තර රැස්වීමකට, ක්‍රීඩා තරගාවලියකට හෝ සංස්කෘතික හුවමාරු වැඩසටහන්වලට තායිවානයට පැමිණෙන්නන්ට මෙම තිරණය අදාළ නොවේ. තවද වෛද්‍ය ප්‍රතිකාර සඳහා තායිවානයට පැමිණෙන්නන්ට මෙන්ම තායිවාන පුරවැසියන්ගේ පවුලේ සමාජිකයන්ට මෙම තීරණයෙන් බලපෑමක් එල්ල නොවේ.
නව රෙගුලාසි යටතේ වීසා අයැදුම් කරන්නන්ට සිංගප්පූරුවේ තායිවාන නියෝජිත ආයතනයෙන් හෝ චෙන්නායිහි පිහිටි ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානයට අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් තායිවානයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට තායිවාන හැඳුනුම්පතක් ඇති තායිවාන පදිංචිකරුවකු ඇප විය යුතු බවත් අපරාධකරුවකු නොවන බවට තහවුරු කිරීමට පොලිස් සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් එම අමාත්‍යාංශය පැවැසුවේය.
එසේම නව රෙගුලාසි යටතේ තායිවානයේ සංචාරය කරන්නන් ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් තිබෙන බවද සහතික කළ යුතු යැයිද තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd