විපක්ෂයේ නායකයෝ හෙට එකට රැස් වෙති විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට හෙට (23) රැස්වෙති. 22 July 2026
අල්ලස් කොමිසමෙන් කිසිම කැඳවීමක් නැතැයි අකිල කියයි ජනාධිපති කාර්යාලයේ සේවකයන් දේශපාලන කටයුතු වලට යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් තමාට කිසිදු කැඳවීමක් කර නැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 22 July 2026
මෝහිනී ඇල්ල ත්‍රිවිල් අනතුරින් දෙකක් මරුට:තුනක් රෝහලට නල්ලතන්නියේ සිට මස්කෙළිය බලා ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (22) දා උදෑසන 07.30 ට නල්ලතන්නිය, මෝහිනී ඇල්ල අසලදී මාර්ගයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ පල්ලමට පෙරළීමෙන් එහි ගමන් කරමින් ගත් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසයි. 22 July 2026
බාබ් එල් මෙන්ඩෙබ් සමුද්‍ර සන්ධියෙන් යන්න ආ තෙල් නැව් දෙකකට බාධා බාබ් එල් මෙන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ හරහා යාත්‍රා කිරීමට පැමිණි සෞදි බොරතෙල් රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකා තුනක් ආපසු හැරවීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල නැවතත් ඇමෙරිකානු ඩොලර් 90 සීමාව පසුකර ගියේය. 22 July 2026
දෙවිනුවර නිවෙසකට වෙඩි ප්‍රහාරයක් දෙවිනුවර හුම්මාන පාරේ ධිවරයකුගේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඊයේ රාත්‍රි වෙඩි තබා පළගොස් ඇතැයි පොලිසිය කියයි. 22 July 2026
ආයතන පහක දූෂණ වාර්තා නීතිපතිට අල්ලස් කොමිසමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් ආයතන පහක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරැණු වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (21) ලැබිණ 21 July 2026
භාණ්ඩාගාරයට හැකරැ රිංගුවේ ණය කන්තෝරැ නිලධාරීන් පුහුණුවක ඉද්දී ඕස්ට්‍රේලියාවට ගෙවීමට සූදානම් වූ මහ භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියවූ කාලයේදී රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරින් ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවාස්ථ පුහුණුවක නිරතව සිට ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 July 2026
ප්‍රාදේශීය මට්ටමින් අල්ලස් කාර්යාල 23 ක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කාර්යාල 23 ක් මේ වසරේ ප්‍රාදේශීය මට්ටමින් මේ පිහිටුවීම සඳහා පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය. 21 July 2026
ඩෙංගු අවදානම අගෝස්තු තෙක් ඩෙංගු අවදානම් මට්ටම අගෝස්තු මැද දක්වා වූ කාලය තුළ තවදුරටත් පවතින බැවින් සියලු අංශ ඒ පිළිබඳ අවධානය යොමුකරමින් කටයුතු කළ යුතු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 July 2026
දකුණේ පාසල් ප්‍රශ්න පත්‍රත් බෙදීම අවුල් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල්වල 6 සිට 11 ශ්‍රේණි දක්වා දෙවන වාර පරීක්ෂණවල ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේදී සිදුව ඇති ප්‍රමාදයන් සහ අක්‍රමිකතා හේතුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 21 July 2026
මහජන සෞඛ්‍ය සේවය සියවස සමරයි මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද පැවැත්විණි. 21 July 2026
එන්න කීවත් එජාප මහ ලේකම් අකිල අල්ලස් කොමිසමට ඇවිත් නෑ ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන එක්සත් ජාතික පක්ෂයේ හා එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජකාරියවසම් මහතාගේ පුද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ආරම්භ කොට ඇත. 21 July 2026
පදක්කම් 85ක් දිනූ කරාතේ ශුරයෝ මව්බිමට බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී (10th South Asian Karate Championship 2026) පදක්කම් 85ක් දිනාගත් ශ්‍රී ලංකා ජාතික කරාතේ සංචිතය අද (21) පස්වරුවේ දිවයිනට පැමිණියේය. 21 July 2026
ජලභීතිකාව සම්පූර්ණයෙන් මඩින්න සාකච්ඡාවක් ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන ’Battersea’ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(24)පැවැත්විය 21 July 2026
කෝටි 2ක් කොල්ලකන්න උදවු දුන් හිටපු ඇමැති පුතා කොටු චීන ජාතිකයකු සතු රුපියල් කෝටි 2 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු අද අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 21 July 2026
බස් නැවතුම් ලඟ වෙළෙඳසැල් 112ක හදිසි වැටලීමක් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසැල් හා ආපනශාලා 112ක විශේෂ හදිසි වැටලීමක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 21 July 2026
වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙනවා අද වී මිල ගැන කතා කරන විට ඇමතිවරු හැංගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2026
සමෘද්ධියට අනිච්චාවත සංඛාරා සමෘද්ධියේ මුදල් සීයට දෙකේ පොලියට ලක්ෂ පහ ගානේ දීලා අස්වැසුම ඉවත් කරන්න ආණ්ඩුව සැරසෙන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2026
ඇත්තටම විශ්වාසය භංග වෙලා තියෙන්නේ විපක්ෂයේ අධිකරණ ඇමතිවරයාට විශ්වාස භංග ගේන්න හැදුවාට ඇත්තටම විශ්වාසය බංග වෙලා තියෙන්නේ විපක්ෂයේ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 1910 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 21 July 2026
උද්ධමනය ඉහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය මෙරට උද්ධමනය පසුගිය ජුනි මස සියයට 6.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (21) නිවේදනය කළේය. 21 July 2026
ළමා රෝහලෙන් හදිසි දැනුම් දීමක් ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහල (LRH) වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා නිවේදනය කර ඇත. 21 July 2026
දික්වැල්ලේදී බසයට බිලි වූ දැරිය දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේ දී අද සිය මව හා බාල සහෝදරයා සමග බස්නැවතුම්පොළට පැමිණ පාසල් යාම සදහා බසයට ගොඩ වීමට උත්සාහ කළ 06 හැවිරිදි පාසල් සිසුවියක එම බසයෙන් ඇද වැටී පිටුපස රෝදයට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි. 21 July 2026
එල්නිනෝ ට මුහුණ දෙන්න රාජ්‍ය ආයතනවලින් සැලසුම් ඉල්ලයි එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන විසින් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බව එල්-නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර සොයා බැලීමට පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුවේ දී තීරණය කෙරිණි. 21 July 2026
ත්‍රස්ත පනත ළඟදීම අහෝසියි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීම කැබිනට් මණ්ඩලය පත්කර කමිටුව විසින් අවසන් කරනු ලැබ ඇතැයි අධිකරණ සහජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 21 July 2026
පැය 24ට ඩෙංගු මරණ තුනක් ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 21 July 2026
රට හදන්න වගවන ගණකාධිකරණ පද්ධතියක් ඕනෑ රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමට කාර්යක්ෂම රාජ්‍ය අංශයක් සහ වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය. 21 July 2026
පරණ වැරදි වගේම අලුත් වැරදිත් හොයමු ආයතන වල පරණ වැරදි වගේම අලුත් වැරදිත් හොයමු යැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 July 2026
ගැබිණි මව් පෝෂණ දීමනාව හරි අධීක්ෂණයකින් කරන්න ගර්භනී මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණීය ආහාර දීමනාව තවත් එක් මුදල් ලබා දීමේ ව්‍යාපෘතියක් බවට පත් නොකර මව්වරුන්ගේ පෝෂණය සහතික කිරීම ඉලක්ක කර ගනිමින් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 July 2026
හෝමාගම ගින්නෙන් පහක් මරුට හෝමාගම කටුවාන හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි සේවකයන් පස් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 21 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026