දෙනියායට ඇඳන් 300ක නව රෝහලක් ඇඳන් 300කින් යුත් රෝහලක් ඉදි කර දෙනියාය මූලික රෝහල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 February 2026
බංග්ලාදේශ නව අගමැති සුව ඇමති හමු වෙයි බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි. 18 February 2026
රට නගන අරමුදලට මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වෙතින් ආධාරයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර් පීඑල්සී විසින් රුපියල් 4684139 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. 18 February 2026
චීන ටිබෙට් අර්බුදයට ඇමෙරිකන් නියෝජිතයෙක් චීනය සහ ටිබෙටය අතරේ පවතින අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විශේෂ නියෝජිතවරයකු පත් කර ඇත. චීන ටිබෙට් අර්බුදය සම්බන්ධයෙන් පත් කළ එම විශේෂ නියෝජිතයා රයිලි බාර්න්ස්ය. 18 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ යාත්‍රා තුනකට ඇමෙරිකාවෙන් ප්‍රහාර නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් මුහුදු කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන යාත්‍රා තුනකට ඇමෙරිකන් නාවික හමුදාවෙන් ප්‍රහාර එල්ල විය. එම ප්‍රහාරවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 18 February 2026
පේරු අන්තර්වාර ජනපතිට ධුරය අහිමිවෙයි ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටින හෝසේ ජෙරීට ධුරය අහිමි විය. ඒ, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගයෙන් ඔහු පරාජය වීමත් සමඟය. 18 February 2026
ලැරී ඩවුනිං වීදියට ඇවිල්ලා අවුරුදු 15 ක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස පිහිටා ඇත්තේ ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේය. මේ වනවිට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හොබවන කියර් ස්ටාර්මර් සහ බිරිඳ වික්ටෝරියා ජීවත් වන්නේ ද මෙම නිල නිවසේය. 18 February 2026
පළාත් කීපයකට අදත් වැස්ස උතුරු, උතුරු - මැද, මධ්‍යම,ඌව,නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 18 February 2026
දුම්රිය රියදුරැ වර්ජනය නවතී දුම්රිය රියදුරන් ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 18 February 2026
තර්ජන ඇති විනිසුරුවරුන්ට දැඩි රැකවල් තර්ජනයට ලක්විය හැකි විනිශ්චකාරවරුන්ට ප්‍රමාණාත්මක ආරක්ෂාවක් ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 February 2026
මන්ත්‍රී විශ්‍රාම වැටුප අදින් අවසන් පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කතානායක ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය. 17 February 2026
ජනපති නවදිල්ලියට ළඟා වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact Summit 2026 සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය. 17 February 2026
වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අද (17) පත්විය. 17 February 2026
ලොකොමොටිව් රියදුරෝ වර්ජනයක් අරඹති හමුදා නිලධාරීන් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව දීමට සූදානම්වීමට විරෝධය දක්වමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් යූනියන් දුම්රිය රියදුරන් අද (17) මාධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් ඩී. සී. එදිරිසිංහ මහතා පස්වරුව් පැවසීය. 17 February 2026
ගංගා වැලි යන යෙදුමට වෙන වචනයක් ආදේශ කරයි ඉදිකිරීම් කර්මාන්තයට අදාළව ’ගංගා වැලි ’ (River Sand) යන යෙදුම වෙනුවට ’ සියුම් සමාහාරක ’ (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝවක් ශ්‍රී ලංකා - ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේදී අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ. 17 February 2026
බැංගලෝර් ගුවන් තොටේදී අපේ අයට සලකන කොන්ත්‍රාත්තුව දෙයි ඉන්දියාවේ බැංගලෝර් (BLR) ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මගීන් සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
ලංකා-ජපාන ආර්ථික සහයෝගීතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් ’’ශ්‍රී ලංකා - ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය’’ (Intergovernmental Economic Policy Dialogue) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 17 February 2026
මූල්‍ය අරමුදලෙන් ලංකාවට හොඳ සහතිකයක් වත්මන් රජයේ යහ-පාලනය සහ දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ සඳහා වන කැපවීම මගින් ශ්‍රී ලංකාවට වේගවත් සංවර්ධනයක් සහ තිරසාර ආර්ථික ප්‍රගතියක් අත් කර ගැනීමේ අනන්‍ය අවස්ථාවක් උදා වී තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය පැවසුවාය. 17 February 2026
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීම සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (17 ) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 17 February 2026
සසුනට දරුවන් දුන් අඟහිග ඇති මාපියන්ට නිවාස ’ යතිවර මාපිය නිවහන ’ ජාතික වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
ජෝර්ජිවා කුණාටු හානි බලන්න යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය. 17 February 2026
ජින්තුපිටිය සිද්ධියට පොලිසියේ දෙන්නාට ඇප ජින්තුපිටියේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රාජකාරිය පැහැර හැරියේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා නියෝග කළේය. 17 February 2026
රට සිගරැට් 83ට ලක්ෂ හතක දඩයක් විදේශිය රටකින් ගෙන්වන ලද දුම්වැටි 83 ක් සන්තකයේ තබා ගැනිම, විකිණිම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගත් වෙළදසල් හිමිකාරිණියකට රුපියල් හත් ලක්ෂයක දඩයක් ගෙවන්නැයි බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය නියම කළාය. 17 February 2026
රටටම ’’4G’’ දෙන වැඩේ වේගවත් කරයි ’ගමට සන්නිවේදනය ’ ජාතික ව්‍යාපෘතිය වේගවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
කොළඹ සරසවියෙත් විරෝධයක් කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද දහවල් ඉල්ලීම් කීපයක් අරමුණු කොට විරෝධතා පාගමනක නිරත වූහ. 17 February 2026
ලංකාව ඩිජිටල් කරන්න විදෙස් සහය ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සඳහා විදෙස් අරමුදල් සපයා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 February 2026
නීතිඥ-බිරිඳ ඝාතන නඩුවේ සැකකරුවෝ රැඳවුම් බාරයට තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (18) දින දක්වා පොලිස් රැඳවූම් බාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (17) නියෝග කළේය. 17 February 2026
කැලණිය මහා ශිෂ්‍ය සංගමය විරෝධයක කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල මාර්ගයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයක් ආරම්භ කළේය. 17 February 2026
ශ්‍රම වාසනා අරමුදල ඈවර කරයි ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබ සාධනය සඳහා මුල්‍යමය සහය සැපයීම පිණිස සහ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම මූලික අරමුණු කරගත් ශ්‍රම වාසනා අරමුදල, 1998 අංක 12 දරන ශ්‍රම වාසනා අරමුදල් පනතේ විධිවිධාන අනුව පිහිටුවා ඇති අතර, වර්තමානයේ එය කම්කරු අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතී. 17 February 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026