(රංජන් කස්තුරි)

සබන්වල   මේද  ප්‍රතිශතය   පමණක්  නොව  ඒවායේ  අන්තර්ගත  අනෙකුත්  අමුද්‍රව්‍යයන්  පිළිබද  විස්තර ද   දවටනයේ  සටහන්  කිරීම  අනිවාර්ය  කරමින්  නව  නීති  සකස්  කරන්නැයි  පාරිභෝගික  කටයුතු  පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා  සිටින  බව පාරිභෝගික  අයිතීන් සුරැකීමේ ජාතික  ව්‍යාපාරය  නිවේදනයක්  නිකුත්  කරමින්  සඳහන්  කරයි.

එම  ව්‍යාපාරයේ  සභාපති  රංජිත්  විතානගේ   මහතා   නිකුත්  කළ  එම  නිවේදනයේ  මෙසේද   සදහන්වේ.   

සබන් නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කිරීමේදී ඒවායේ ඇසුරුමෙහිනම සහ මේද ප්‍රතිශතය (TFM අගය) ප්‍රදර්ශනය කිරීම අනිවාර්‍යය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා සිකුරාදා කටයුතු කර තිබුණි.

එමෙන්ම සබන් නිෂ්පාදනයක මේද ප්‍රතිශතය මෙන්ම ඒවායෙහි අන්තර්ගත අනෙකුත් අමුද්‍රව්‍යයන් පිළිබඳ දැනුවත්වීමද පාරිභෝගිකයන්ගේ දැඩි අවශ්‍යතාවයක් වනවා පමණක් නොව එය පාරිභෝගික අයිතියකි.

එම නිසා අප සංවිධානය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේසබන් නිෂ්පාදනයට   අන්තර්ගත කරන ලද සියලු අමුද්‍රව්‍ය වල විස්තරයක් දවටනයෙහි සඳහන් කිරීම අනිවාර්යය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටද කටයුතු කරන ලෙසය.