
(සුජිත් හේවාජුලිගේ )
පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් ඉදිරි දිනවල නැවත කැඳවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ පාර්ලිමේන්තු කමිටුවේ දැනුම් දීම අනුව සකස් කෙරුණු මැතිවරණයට අදාළ තාක්ෂණික වාර්තාවක් එම රැස්වීමේදී බාර දෙන බවයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නීතිපති දෙපාර්තමේන්තුව සීමා නිර්ණ කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ආයතන රැසක ප්‍රධානීන් කැඳවා මැතිවරණය සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් කර ඇත.
මේ අනුව පළාත් සභා මැතිවරණය පවත්වන ඡන්ද ක්‍රමය පිළිබඳව නිර්දේශ ඇතුළත් එහි අවසන් වාර්තාව ඉතා නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd