
(නිමල කොඩිතුවක්කු)
එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් මෙහි බලපෑම් ඇතුළු පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැර ග්රාමීජ ජනතාව කරා ද ගෙන යා යුතු බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
මෙම තත්ත්වය අප රටට, පරිසර පද්ධතියට, ජෛව විවිධත්වයට, ශාක හා වෘක්ෂලතාවලට සේම සත්ව හා මිනිස් සම්පතට බලපාන ආකාරය සම්බන්ධයෙන් කරුණු රැසක් අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී විදේශීය විශේෂඥ කණ්ඩායමක් සමග එල්නීනෝ ලානීනා කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් යන්නකෝ ලොක්කා, හාල් ලොරියකුත් පටෝගෙන ගිහින් කියලා එන්නකෝ.