
(අංජුල මහික වීරරත්න)
රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමට කාර්යක්ෂම රාජ්‍ය අංශයක් සහ වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.
ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කළ CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
"අර්බුදය, ස්ථාවරත්වය සහ වර්ධනය, කළමනාකරණ ගිණුම්කරණ කෝණයෙන්" යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව ජූලි 20 සහ අද(21) දෙදින පුරා කොළඹ cinnamon Life හෝටලයේ දී පැවැත් විය.
සමාරම්භක උත්සවයේදි CMA ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුවේ සඟරාව නිල වශයෙන් එළිදැක්වීමත්, ගිණුම්කරණ වෘත්තියේ වසර 50ක සේවයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් උදෙසා වන 'ස්වර්ණ ජයන්ති සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යවරිය ප්‍රධානත්වයෙන් සිදු විය. රාජ්‍ය නිලධාරීන් සඳහා CMA කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලාව හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්ව 100ක් CMA Sri lanka ආයතනය මගින් රජය වෙත පිරිනැමීම ද මෙහිදි සිදු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd