(බුද්ධික කුමාරසිරි)

හෝමාගම කටුවාන   හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ ගින්නෙන් එහි සේවකයන් පස් දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.  

මියගිය අය අතර තරුණියක් ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

හෙල්මට් ශාලාවේ අද පෙරවරුවේ ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා අවට පලාත්වලින් ගිනි නිවන රථ 10කට අධික ප්‍රමාණයක් කැඳවූ බව ද පොලිසිය සඳහන් කරයි. 

මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. 

ඡායා බුද්ධික කුමාරසිරි