(සුජිත් හේවාජුලිගේ)

මත්පැන් බෝතල්වල ප්‍රදර්ශන කෙරෙන කිව් ආර් ( QR) කේත සහිත ස්ටිකර් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමෙන් රජයට වාර්ෂිකව රැපියල් කෝටි 4000 කට වැඩි මුදලක් පාඩු සිදුවීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඉදිරි දිනවල කැදවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට අද පැවැසීය.

මේ අතර ස්ටිකරය ඩිජිටල් අාකාරයට මුද්‍රණය කිරීමටද මුද්‍රීත ස්ටිකරයට යන වියදමට සමාන මුදලක් කාලයක සිට වැයකෙරෙන බවත් එයද ලොකු මුදල් නාස්තියක් බවත් සිල්වා මහතා පැවැසීය.

මෙම අනීතික ක්‍රියාව නැවැත්වීමට රජය වහා කටයුතු කළ යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

රජයට හිමි බදු ආදායම ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී මත්පැන් වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණින් මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත බදු ස්ටිකර් ක්‍රමවේදය පසුගිය කාලයේදී ආරම්භ කෙරිණි.

එවන් පසුබිමක ව්‍යාජ QR කේත සහිත ස්ටිකර් අලවා තිබු නීති විරෝධි මත්පැන් බෝතල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම පසුගියදා සොයා ගන්නා ලදි.