
(ඩී.ජි.සුගතපාල)
කොස්ගොඩ ගනේගොඩැල්ල ප්‍රදේශයේදී ගල් කටස් වර්ගයේ ගිණි අවියක් ටි.56 ජිව උණ්ඩ 08ක් බෝර 12 ජිව උණ්ඩයක් අත් බෝම්බයක්,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 320ක් මත් ද්‍රව්‍ය මනින ඉලෙක්ට්‍රොනික් තරාදියක් මුදල් රුපියල් 819000ක් සමග සැකකරුවන් තිදෙනෙකු අද සවස අත් අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ගිණි අවි සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහෝදරයින්වන අතර ඔවුන් කොස්ගොඩ නාපෙ පදිංචිකරුවන් බවටත් දැනට මාස හතක කාලයක සිට ගනේගොඩැල්ලේ නිවසේ කුලි පදනම මත පදිංචිව සිටින බවටත් අනවරණයවි ඇත.එම ඉඩමේ වලදමා තිබියදි ගිණි අවි සොයාගෙන ඇත.
අනෙක් සැකකරු පදිංචි නාපෙ නිවස පරික්ෂා කිරිමේදි මත්ද්‍රව්‍ය සහ මුදල් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයෝ, ජාවාරම්කාරයෝ මෙක්සිකෝව වගේ රටවලට අපනයනය කරන්න පුළුවන්නම් විදේශ විනිමය උපයන්න හොඳම මාර්ගයක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් එනවා - විපක්ෂයේ ඡන්ද පදනම අඩුවෙනවා.