
(නිමල කොඩිතුවක්කු)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කඩින් කඩ වර්ෂාපතනයත් සමග ඩෙංගු වසංගත තත්ත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ හේතුවෙන් මදුරු මර්ධන වැඩසටහන් සිදුකිරිමටත් මදුරුවන්ගෙන් ආරක්ෂාවිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය පැවසුවාය.
මෙරටින් ඩෙංගු රෝගීන් 76044 ක් වාර්තාවී ඇතැයිද ඇය සඳහන් කළාය.
ඩෙංගු රෝගීන් 723ක් ඊයේ දිනයේ පමණක් වාර්ථා වී ඇතැයිද වෛද්‍යවරිය පැවසුවාය.
ජූලි මාසයේදී පමණක් රෝගීන් 20666 ක් වාර්තා වී ඇත.
මෙම වසරේ ගතවූ කාළය තුළ මෙරටින් ඩෙංගු මරණ 53 ක් වාර්තාවී ඇති බවත් ඇය පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd