ට්රම්ප්ගේ රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්රම්ප්, එරට රාජ්ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්රීවරයකු ලෙස කටයුතු කරයි. 14 November 2024
ජන්දෙ දාන්න යන්න අද සාමාන්ය පරිදි බස් සේවා අද පැවැත්වෙන මහ මැතිවරණයේ ජන්දය ප්රකාශ කිරීම සඳහා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අද (14) සාමාන්ය පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය. 14 November 2024
අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසිය පවසයි. 14 November 2024
අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන් මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්රිකාව ලබා ගත හැකි බව ජ්යෙෂ්ඨ නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය. 14 November 2024
කැස්බෑවේ ඡන්ද මධ්යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින් කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි . 14 November 2024
ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙකක් සහ කඩුවක් ඊයේ (13) සොයාගත් බව සූරිය වැව පොලිසිය පවසයි. 14 November 2024
සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 14 November 2024
ඡන්දය ආරම්භ වේ පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්රකාශ කළ හැකියි. 14 November 2024
බඩෝවිට වෙඩි තැබීමක් ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 13 November 2024
මැතිසබේ නිවාඩු අවලංගුයි නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත. 13 November 2024
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙක් පනී ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු අද සවස පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 13 November 2024
මහල් නිවසකින් වැටී පුද්ගලයකු මරුට කුළුඳුල් දරුවා දරු ප්රසූතියේදී මියයාමේ ශෝකයෙන් පසුවූ පුද්ගලයකු අද (13) සවස ම්හිජය සෙවණ රන්දිය මහල් නිවාසයේ 11 වැනි මහලෙන් වැටී මියගොස් ඇතැයි මිහි ජය සෙවණ පොලිසිය පවසයි 13 November 2024
සී සාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්රදේශයේ කුඹුරක සී සාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. 13 November 2024
හිතුමතේ මැතිවරණ ප්රතිඵල ප්රචාරය තහනම් පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්ය ආයතන ප්රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්රතිඵල විකාශයෙන් මැතිවරණ ප්රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට තුඩුදුන් හෙයින් මෙවර එලෙස නොකරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටී. 13 November 2024
ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට? ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත. 13 November 2024
උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) පස්වරුවේ සිට යලි යථාතත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 13 November 2024
පළමුවරට මුහුදු ගිය ධීවරයා මරුට හික්කඩුව ධීවර වරායෙන් ඉකුත් (09)වන දින මුහුදු ගිය බහුදින යාත්රාවක ධීවරයෙකු මුහුදේ දී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර අද(13)වැනි දින හික්කඩුව ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය. 13 November 2024
මෙරට අංශ කිහිපයක සංවර්ධනයට නෙදර්ලන්ත මහාචාර්ය සහය මෙරට කෘෂිකර්ම, අධ්යාපන, සංචාරක සහ රාජ්ය සේවයේ ප්රවර්ධනය වෙනුවෙන් අවශ්ය තාක්ෂණික සහය සහ මූල්ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ. 13 November 2024
කිරිමැටි වලේ නාදුනන මළසිරුරක් කළුතර දෙදියවල ප්රදේශයේ කරවලදූව පාලම අසල කිරිමැටි වලක තිබී අද(13)වැනි දා සැකසහිත මළසිරුරක් හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි . 13 November 2024
පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක් රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්යාලයේ ශිෂ්ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්රධානත්වයෙන් විද්යාලයීය ප්රධාන ශාලාවේදි පසුගියදා පැවැත්විණි. 13 November 2024
කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. 13 November 2024
කෙහෙලියගේ නඩුවකට දින දෙයි මැතිවරණ ප්රචාර කටයුතු වල යෙදෙන අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 08 වැනිදා සිට විභාග කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය අද (13) තීරණය කළාය. 13 November 2024
ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි ආරුගම්බේ ප්රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතුරු ඇඟවීම අද(13) ඉවත් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය. 13 November 2024
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය එම ස්ථානයේ සිරවී නවතා තබා ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 13 November 2024
හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට බණ්ඩාරගම බොල්ගොඩ ප්රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී තුවාල සිදු කළ කළමනාකරු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 13 November 2024
අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්රිත්වයක් ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්රිත්වයක් දිනා ගැනීමට සමත් වී ඇත. 13 November 2024
රට ඉන්න අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම විදේශගත ශ්රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. 13 November 2024
ඒ.ටී.එම් යන්ත්රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම් මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 13 November 2024
සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙන්වමින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 13 November 2024
රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ රාජගිරිය හන්දිය ප්රදේශයේ ( ගුවන් පාලම ආශ්රිතව) දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙති. 13 November 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026