දැදුරුඔය යළි චන්ඩ වෙයි දැදුරුඔය ඉහළ ජලධාරා ප්‍රදේශවලට පැවැති වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යෑමත් සමග එහි වාන්දොරටු හතරක් අඩි තුන බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු කාර්යාලය පවසයි. 09 May 2026
දේශීය අල කිලෝවකට හෙට සිට 220ක් දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220 බැගින් මිලදී ගැනීම හෙට (10) සිට ආරම්භ කෙරෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 09 May 2026
කපිලගේ මරණය: පොලිසිය අරවින්දගෙන් ප්‍රකාශයක් ගනී ශ්‍රී ලංකන් එයාර් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 09 May 2026
මැකෝ පක්ෂවල ’’පැටිකිරි’’ අවුස්සයි මේ වසරට අදාලව නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය. 09 May 2026
ආණ්ඩුව සැකකරුවන් නොමරා මරනවා ආණ්ඩුව සැකකරුවන් නොමරා මරණ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය 09 May 2026
ගම්මන්පිල කන්ටේනර් කමිටුවට කැඳවයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රේගුවෙන් බහාලුම් 323 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 09 May 2026
මහින්දට අල්ලස් කොමිසමට එන්න දින දෙයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ලබන 12 වැනිදා පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත. 09 May 2026
ඩිජිටල් අධ්‍යාපනයට ඔබින ගුරු පුහුණුවක් ඕනෑ මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන් සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවැසුවාය. 09 May 2026
කපිලගේ මරණය කුමන්ත්‍රණයක්ද? ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි මරණය පිටුපස කිසියම් කුමන්ත්රණකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූවාදැයි සෙවීමට රජයේ බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇත. 09 May 2026
ඒකක 180 ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ ට ගෘහස්ථ කාණ්ඩයේ මාසික පරිභෝජන ඒකක සංඛ්‍යාව ඒකක 180ට වැඩි නම් විදුලි ගාස්තුව සියයට 18 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 09 May 2026
ඇමති බංගලා සිල්ලර වෙළඳාමට කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල පරිශ්‍ර සඳහා වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 09 May 2026
මැතිසබේ සිද්ධි: හිටපු මන්ත්‍රී සංසදයෙන් මහ නාහිමිවරුන්ට ලිපියක් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම මෙන්ම එහි විවිධ හිරිහැර හා අඩන්තේට්ටම් සිද්ධීන් සම්බන්ධයෙන් වහා මැදිහත් වී අවශ්‍ය පියවර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත. 09 May 2026
දැරියක දූෂණ සිද්ධියට හිමි නමක් අත්අඩංගුවට බාල වයස්කාර දැරියක අතවර සිදුකිරීම සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී නිට්ටමුව පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය 09 May 2026
කෝටි පහක කුඩු සමග අයෙක් මාට්ටු විදේශගතව සැඟව සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවකුට අයත් මත්ද්‍රවය සන්තකයේ තබාගෙන තොග වශයෙන් බෙදා හැරීමේ නිරතව සිටි පුද්ගලයකු රුපියල් කෝටි පහකට අධික වටිනා මත්ද්‍රවය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 09 May 2026
පළාත් කීපයකට අදත් තද වැසි ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායු ගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 May 2026
ලොව හොඳම නිවුන් නර්තනය ශ්‍රී ලංකාවෙන් චීනයේ පැවති 20 වැනි ලොව විශාලතම නිවුන් උළෙල සහ තරගාවලියට ( World Largest Twins Festival - 2026 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිවුන් කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය , එම උළෙලේ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගෙන දිවයිනට පැමිණියහ . 09 May 2026
මාස්ටර්චෙෆ් අවසන් මහා තරගය අද ‘මාස්ටර්චෙෆ් ශ්‍රී ලංකා’ (MasterChef Sri Lanka) තරඟාවලියේ මංගල අදියරේ අවසන් මහා තරගය අද (9) රාත්‍රී 8 ට සුපුරුදු පරිදි ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. 09 May 2026
කොටපොළ උණ ගැන පරීක්ෂණ කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ දරුවන් අතර ඉතා සීග්‍රයෙන් පැතිර යන වෛරස් උණ තත්ත්වය පිළිබඳව පරීක්ෂණ කටයුතු නිමවන තෙක් කිසිවක් ප්‍රකාශ කර නොහැකි බව ඒ පිළිබඳව සොයා බැලීමට අද (08) දින දෙණියාය මූලික රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරු පවසති. 08 May 2026
පානීය ජල ප්‍රශ්න ඉක්මනින් විසඳන්න ජනපති නියෝග ජනතාවගේ ප්රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 May 2026
කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට කුරුණෑගල මහනගර සභාවේ ටෙන්ඩරයක් ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තිහක අල්ලසක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන එම නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අද (08) අත්අඩංගුවට ගෙන ඇත. 08 May 2026
කොළඹ - හෝ චි මිං සෘජු ගුවන් සේවයක් ඇරැඹෙයි ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ. 08 May 2026
වියට්නාම් ජනපති දිවයිනෙන් පිටව යයි මෙරට නිල සංචාරයක නිරත වූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද (08) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ. 08 May 2026
පුනර්ජනන බලශක්ති හිමිකරුවන්ට බිලියන දහයක පොල්ලක් පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 10ක් තවමත් ගෙවා නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 08 May 2026
කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට තැනක් හදයි ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි (C&D අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල කාර්මික ජනපදයේදී විවෘත කෙරිණි 08 May 2026
හජ් කමිටු සභාපති ’’බේසා වීසා’’ අවභාවිත කළැයි චෝදනා සවුදි රජය මගින් ස්වෙච්ඡා හජ් වන්දනා කරුවන් වෙත ලබාදෙන ‘බේසා වීසා’ (Free Movement Pass) අවභාවිතා කරමින් හජ් කමිටුවේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් කිහිප දෙනකු ඹවුන්ගේ භාර්යාවන් මෙවර හජ් වන්දනාවට සහභාගී කර ගැනීමට කටයුතුකර ඇතැයි වන්දනාකරුවෝ චෝදනා කරති. 08 May 2026
වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති රිමාන්ඩ් රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී තමන්ට වාසි සලසා ,රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් කළේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුසවිතාන මහතා අද (08)නියෝග කළේය. 08 May 2026
වියට්නාම් ජනපති - අගමැතිනිය හමුවෙයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් කොළඹ හිල්ටන් හෝටලයේදී අද (8)පැවැත්විණි. 08 May 2026
කපිලගේ මරණයට හේතු අධිකරණයට දන්වන්නැයි නියෝගයක් සැකකටයුතු අන්දමින් මියගොස් ඇතැයි කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මෘතදේහය සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතු අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොල්ලුපිටිය පොලිසියට අද (08) නියම කළේය. 08 May 2026
වියට්නාම් ජනපතිගෙන් පාර්ලිමේන්තුවට පාඩමක් වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා පුළුල් හවුල්කාරීත්වයක් දක්වා වැඩි කර ගන්නා බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් අද (8)පැවසීය. 08 May 2026
මුදල් කමිටුවෙන් මහ බැංකුවට දොස් එන්ඩීබි (NDB) බැංකුවේ සිදුවී ඇති මූල්‍ය වංචාව හඳුනාගැනීමට අභ්‍යන්තර විගණන කමිටුව, බාහිර විගණන ආයතනය, අධ්යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුව හා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූයේ අැයි දැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මහ බැංකු ප්‍රධානින්ගෙන් ප්‍රශ්න කර අැත 08 May 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026