
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ අනුව 9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය 40%ක පමණ වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි මෙහෙම දැනුමක් හා දැක්මක් ඇති නායකයෙක් රටට ලැබීම ගැන. අපට අවශ්‍ය පොෂ්, බොරු සෝබන කරගෙන කොළඹ ඉහළ සමාජයට ගැළපෙන සිරිත් විරිත් ඇති හෝ ඇති කරගන්න උත්සාහ කරන අය නොවේ. බිම් මට්ටමේ ප්‍රශ්න නිසි ක්‍රමයට හඳුනාගෙන ගැළපෙන ආනා පනත් ක්‍රියාත්මක කළ හැකි නායකයන් පිරිසක්.
මේ තාලෙට කොරලා නං ඒක කරන්න බෑ මහතුං
අනී බුදු සර්, ණය ගෙවන්න හරි තරුණයින්ට රටක් ඉතිරි කරල යන්න .