(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එම්.ජේ. එස්. රවිසිංහ මහතා පුර්ණ කාලීන වැඩ බැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීමට   අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. 

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඒ මහතා 2026-01-01 දින සිට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එම්. ජේ. එස්.රවිසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට ස්ථිර පදනමින් පත් කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.