(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු වෙඩි වැදී මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස්ඇත්තේ පේරාදෙනිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුකුඹුරේ ගෙදර මිලාන් දිල්හාර නැමැති 28 හැවිරිදි කොස්තාපල්වරයෙකි.

ඔහු රාජකාරී සඳහා ලබාගත් ටි 56 ගිනි අවියෙන් මෙම වෙඩි වැදීම සිදු ඇති අතර පපු ප්‍රදේශයට වෙඩි පහරවල් හතරක් පමණ වැදී ඇතැයි ද පොලිසිය කියයි.

ඔහු වෙඩි තබා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මියගිය කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයකු හා වලාන දූෂණ මර්දන ප්‍රහරක ඒකකයේ ප්‍රධාන ගේට්ටුවේ රාජකාරී සඳහා යොදවා තිබී ඇති අතර ඔහු අලුයම 4ට පමණ මුර කුටිය ඉදිරිපස තාප්පය අතර දි මෙම වෙඩි වැදීම සිදුව ඇති බව අනාවරණය වී ඇත.