හොරණ ගන්කන්ද ප්ර දේශයේ මාවක්කුමෝදර කළු ඟග ආශ්රිතව නීති විරෝධී ලෙස මැණික් ගරන බවට ලද තොරතුරක් ම වලාන දූෂණ මර්දන ප්රහාරක ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායම් වැටලීමක් සිදුකර පුද්ගලයන් 25ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමග බෝට්ටු 14ක්, මෝටර් 06ක් ඇතුවව රු.කෝටි 07ක් පමණ වටිනා උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 20ත් 60ත් අතර පසුවන බණ්ඩාරගම, හොරණ, මිල්ලනිය හා මොරොන්තුඩුව පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ පොලිසියට ඉදිරිපත් කර තිබේ. මෙම ජාවාරම දිර්ඝ කාලයක් තිස්සේ
සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ කර ගෙන ගියා කියන්නේ, ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ බලධාරීන් නිහඬයි, ජාවාරම් කරුවන් සමග අත්වැල් බැඳගෙන මිළ මුදල් ගජරාමෙට හම්බ කරගෙන තිබෙනවා කියන එක වංග්යාර්තයෙන් ලොවට කියපු එක නොවෙයි ද ? උන් හැමෝම රංචු පිටින් අල්ලා රජයේ බොඩිමට ඇතුල් කර, කල්දේරම් බත් ගිල්ලවා, යකඩ කම්බි කූරු ගනන් කරන්න දමන්නේ නැත්තේ ඇයි ????
අනීතිකව, පරිසරය දරුණු හානිකර දූෂණයකට ලක් කරමින් දීර්ඝ කාලයක සිට කරගෙන යන මෙවැනි අමානුෂික ක්රියාවල ප්රතිඵල ඉතාමත් භයානකයි. මුදල් පසුපස හඹා යන, දුප්පත් මිනිසුන්ගේ අසරණකම ප්රයෝජනයට ගෙන ඔවුන්ගේ ජීවිත ඔට්ටුවට තබා කරන මෙවැනි ක්රියා සම්පූර්ණයෙන් තහනම් කර, මේවා කරවන අයට උපරිම දඬුවම් දෙන්න.