බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ.
පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව සිදුහත් කුමරු මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයකය.
සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද ඇසළ පොහොය දිනකය.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පස්වග මහණුන් අරඹයි දේශනා කරන ලද්දේ ඇසල පුන් පොහොය දිනකය.
අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු ශ්‍රී ලංකාවේදී පැවිදි උපසම්පදාව ලැබුවේ ඇසළ පුරපසළොස්වක පොහොය දිනයකය.
දන්ත කුමාරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද ඇසළ පොහොය දිනයකය.
එසේම විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා වස්වැසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිටය.
දුටුගැමුණු රජතුමන් මහා සෑය ඉදිකිරීමට මංගල ප්‍රතිශ්ඨාපනය සිදුකරන්නේද අද වැනි ඇස පුන් පොහෝ දිනයකය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd