
( තිලකරත්න දිසානායක)
සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල මේ දිනවල කහකුඩු මිලදී ගැනීමට නොමැති බවත් පාරිභෝගිකයින් පවසති.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ කහ කුඩු ග්‍රෑම් සීයක් රුපියල් 200 ක මිලකට අලෙවි කිරීමට ලැබුනු අතර රුපියල් දහසක ද්‍රව්‍ය ලබාගැනීමේදී පමණක් කහකුඩු ග්‍රෑම් සීයක් නිකුත් කිරීමට උපදෙස් ලැබී තිබූ බවත් ලැබුනු ප්‍රමාණය අවසන් බවත්ය.
කහ ආනයනය කිරීම නතර කිරීමෙන් පසුව මේ වනවිට වෙළඳ පොලෙහි කහ කුඩු හිගයක් පවතින අතර අලෙවියට ඇති වෙළඳසල්වල විවිධ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන ආකාරයක් දක්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කොන්දේසි යටතේ සතොස යම් කළු වෙළඳපොලක් බවට පත්ව ඇත !!!
හැම දෙයකටම ඇමති ලා ඉන්න එකේ , කහ සංවර්ධන සහ බෙදාහැරීමේ ඇමති කෙනෙක් පත් කළා නම් වැඩේ ගානට කරාවි.
කොහොමද දැන් සැපද ?සෞභාග්‍යයේ විනාශය
කහ කියන්නේ දේශීය වෙදකමේ විෂ බීජ නසාන දිව්‍යමය ඖෂධයක් වගේම ශරීරයට වැදගත්ම ඖෂධයක් .මේ ගැන කොරෝනා කම්පනිය හොඳින් දැනගෙන තමයි කහ ගෙන්වීම තහනම් කලේ .හැබැයි ඒ වෙනුවට සැනිටයිසර් ගෙනාවා .අපේ අපේ ජීවිතේට වැදගත්ම දේට බාධක දාලා පිටරට හදන සැනිටයිසර් විකුනනවා .කිරි පිටි ,අරක්කු ,සිගරට් තහනම් කරන්න බැරිද ?ඔක්කොම හදන්නේ අපේ දේශීය දේවල් විනාශ කරන්න
සතොසට යන්නේ ඇයි...? කහ ගැනීමට කැමැති රූමත් කාන්තාවන්ට පමණක් සලකා බැලිය හැක...
සතොස පුද්ගලික අංශයට විකුණා දැමිය යුතු බව කොහෙන්දෝ ඇහුණා. දේශපාලන බත් බැලයන් සතොසෙන් නඩත්තු කරනවාට වඩා මේක හොද වැඩක්.
පුද්ගලික වෙළඳ සැල්වල මෙහෙම කිරීම වැරදි යැයි කියමින් රජයේ ආයතනයක මෙහෙම කිරීමට ඉඩදීම බන්දුලගේ අනුදැනුම මත සිදුවන දෙයක් විය හැකිය
කහ තහනම් කළා කියා දේශීය නිෂ්පාදනය වැඩි වුණෙත් නැහැ. මේ වගේ දෙයක් අබින් හොයනවා වගේ තත්ත්වයට පත් වීම කණගාටුදායක දෙයක්..
71 මැතිනිගේ කාලේවත් මේවගේ පොලු දැම්මේ නැහැ.
සර් ජනතා අප්‍රසාදය පිළිඅරගෙන ඉල්ලා අස්වෙනවලු...